ගාලු දිස්ත්‍රික්කයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරමින් සිටි මන්ත්‍රීවරුන් දෙදෙනා වූ වජිර අබේවර්ධන සහ විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් විජේපාල හෙට්ටිආරච්චි මහතා මීට සුලු මොහොතකට පෙර සජිත් ප්‍රේමදාස මහතාගේ කාර්යාලයට පැමිණ ඒ මහතාට සහාය පළ කොට ඇත.
ඒ අනුව එළඹෙන මහමැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබා මහමැතිවරණයට තරග වැදීමට හෙට්ටිආරච්චි මහතා තීන්දු කොට තිබේ.
මේ තත්ත්වය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් වික්‍රමසිංහ මහතාට ඉතිරිව ඇත්තේ වජිර අබේවර්ධන මහතා පමණි.
මීට අමතරව ඊයේ (09) දිනයේදී සමගි ජන බලවේගයේ කාර්යාලය විවෘත කරන අවස්ථාවේදී රනිල් පාර්ශ්වය නියෝජනය කරන රාජිත සේනාරත්න, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන සහ පී. හැරිසන් යන මහත්වරුද සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරමින් එම අවස්ථාවට එක්ව සිටියහ.










