මහමැතිවරණය නිමාවූ වහා ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය.
අද (06) අරලිය ගහ මන්දිරයේ මාධ්‍යවේදීන් සමග පැවැති හමුවකදී අගමැතිවරයා මේබව සදහන් කළේය.
දැනට සියලුම පළාත් සභාවන්හි නිල කාලය අවසන් වී ඇති අතර ඒවායේ මැතිවරණයන් පැවැත්වීම ඉකුත් ආණ්ඩුව සමයේ කල් දමා තිබිණ.










