• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දුෂ්කර පාසල්වලට බස් දෙන එකට උපහාස කරන දේශපාලකයන්ගේ දූ දරුවන් ඉගෙනගන්නේ පිටරටවල සුපිරි පාසල්වල! මට ජාතිය ආගම කුලමල පන්තිය වැඩක් නෑ! මේක රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්! කොහොමහරි මම ආධාර හොයාගෙන පාසල් 10155ම දියුණු කරනවා! 70 වැනි බස් රථය තණමල්විලට අරන් යමින් සජිත් කියයි! VIDEO & PHOTOS

January 14, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
දුෂ්කර පාසල්වලට බස් දෙන එකට උපහාස කරන දේශපාලකයන්ගේ දූ දරුවන් ඉගෙනගන්නේ පිටරටවල සුපිරි පාසල්වල! මට ජාතිය ආගම කුලමල පන්තිය වැඩක් නෑ! මේක රටේ අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක්! කොහොමහරි මම ආධාර හොයාගෙන පාසල් 10155ම දියුණු කරනවා! 70 වැනි බස් රථය තණමල්විලට අරන් යමින් සජිත් කියයි! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

ඉන්දියාවේ මෙන් අයිඅයිටී, අයිඅයිඑම් ආයතන අප රටේ බිහි කළ යුතු බවත් ඒ තුළින් කිසිදු දරුවෙකු අතරමං නොවන පරිසරයක් ඇති කළ යුතු බවත් සෑම අයකුටම සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ උපාධි ලබා ගත නොහැකි වුවත් තමන්ට ඇති අනන්‍යතාව සහ රුචිකත්වය මත ඉදිරියට යා හැකි ක්‍රමයක් සකස් කළ යුතු බවත් අපේ කමට අමතරව ලෝක වෙළෙඳපොළට අවැසි ආකාරයේ අධ්‍යාපනයක් ඇති කළ යුතු බවත් ඒ සඳහා ශ්‍රී ලංකා ප්‍රස්ට් නම් දේශප්‍රේමීත්වය ඇති කළ යුතු බවත් සමගි ජන බලවේගය එය විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SriLankaFirst වැඩපිළිවෙළ තුළ සියලුම සම්පත් ඒකරාශී කර ගෙන ඉදිරියට යා යුතු බවත් මේ රට තාරුණ්‍යයේ සිතුම් පැතුම් අභිලාෂ සාක්ෂාත් කරන වටපිටාවක් ඇති කර රටේ සංවර්ධනය තාරුණ්‍යට බාර දී තරුණයන් දේශපාලනඥයන් පාමුලට යන සංස්කෘතිය, වහල්භාවය නැති කළ යුතු බවත් තරුණයන් දේශපාලනඥයන්ගේ වහලුන් බවට පත් නොවිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා, දේශපාලනඥයා සිදු කළ යුත්තේ රට තුළ තරුණයන්ට ඉදිරියට යා හැකි අවස්ථාවන් ඇති කිරීම බව සහ අවස්ථාවලින් සපිරි දේශයක් නිර්මාණය කළ යුතු බවත් සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල වැඩසටහන යටතේ බෙදා දුන් 70 වැනි බස් රථය බෙදා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

සක්වල වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක මෙම වැඩසටහන හරහා රුපියල් ලක්ෂ 50 ක් වටිනා බස් රථයක් තණමල්විල මධ්‍ය මහා විද්‍යාලයට පරිත්‍යාග කෙරිණි.

වසර 74ක කාලයක් රට වැඩක් කිරීමට නම් ආණ්ඩුවක් අවැසි බවට වන පුරුද්දක් තිබූ බවත් පසුගිය කාලය පුරා පැවැති විපක්ෂ විසින් සිදු කළේ ආණ්ඩු බලය ලබා ගැනීම මිස ජනතාවට සේවය කිරීම නොවන බවත් ඒ නිසා තට්ටු මාරු ක්‍රමයට බලය මාරු වූවා මිස ජනතාවට සේවයක් නොවූ බවත් ඒ නිසා උනුත් එකයි මුනුත් එකයි කියා ජනතාව හැඳින්වූ බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

මේ වන විට බංකොලොත්වී ඇති රට නැවත ගොඩ ගැනීමට නම් අලුත් ආකාරයට සිතිය යුතු බවත් 74 වසරක් සිටියා මෙන් විපක්ෂය විසින් බලය ලබා ගෙන රට හැදීම නොව බලය නොමැතිව වුව රට ගොඩනැගීමට විපක්ෂයට දායකත්වය ලබා දිය හැකි බව වත්මන් විපක්ෂය විසින් ඔප්පු කර ඇති බවත් සඳහන් කළේය. මේ වන විට බස් 70ක් පාසැල්වෙත ලබා දුන් බවත් ඒ සඳහා මිලියන 339.2ක් වැය වූ බවත් එසේ ම හුස්ම වැඩසටහන තුළින් රෝහල් 56කට ලක්ෂ 1719ක උපකරණ පරිත්‍යාග කළ බවත් මෙවැනි විශාල මුදලක් ජනතාව වෙනුවෙන් බලයක් නොමැති අවස්ථාවක වැය කළේ වත්මන් විපක්ෂය බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. මේ සියලු දේවල් සිදු කළේ ජනාධිපතිකම්, අගමැතිකම් හෝ ඇමතිකම් ලබා ගෙන නොමැති බව ද හෙතෙම අවධාරණය කළේය.

ජනතාවට සේවය කිරීමට නම් රටේ ජනාධිපති, අගමැති හෝ වෙනත් ඉහළ තනතුරු අවශ්‍ය නොවන බවත් එය වත්මන් විපක්ෂය විසින් ප්‍රායෝගිකව ඔප්පු කළ හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ සියලු වැඩ කරන විට විවිධ පුද්ගලයන් පුහු විවේචන සිදු කළත් ඒ කිසිදු විවේචනයකින් රට ගොඩ ගැනීමක් සිදු නොවන බව ද කියා සිටියේය. පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට නම් මුදල් අච්චු ගැසීම ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජාත්‍යන්තරයේ අවධානය ලබා ගත හැකි ජාත්‍යන්තරයේ විශ්වාසය දිනා ගත හැකි නායකත්වයක් අවශ්‍ය බවත් සෘණාත්මක පසුගාමී ප්‍රතිගාමී සිතිවිලි ඉවත් කර ධනාත්මක චින්තනය තුළින් රට ගොඩගැනීමට නව වැඩපිළිවෙළක් අවැසි බවත් සඳහන් කළේය.

මෙසේ අලුතින් සිතීම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය ආරම්භ කරන විට අපහාස උපහාස කරන බවත් එසේ අපහාස උපහාස කරන පුද්ගලයන්ගේ දුවා දරුවන් ඉගෙන ගන්නේ විදෙස් රටවල බවත් එම පාසල් අධිසුඛෝපභෝගී පාසල් බවත් එසේ සුඛේපභෝගී දිවියක් ගත කරන ඔවුන් නිර්ධන පන්තිය වෙනුවෙන් කවුරුන් හෝ වැඩක් කරන විට විවේචනය කරන බවත් මෙසේ බස් රථ ලබා දෙන්නේ දේශපාලන අරමුණකින් නොවන බවත් මේ බස් රථ භාවිත කරන පාසල් දූ දරුවන් ජාතිය, ආගම, කුලය, පන්තිය මත බෙදා වෙන් කිරීමක් නොකර ඇති බවත් එය මෙරට අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් බවත් කෙසේ හෝ පාසල් 10155ටම දෙස් විදෙස් ධානපතියන් උපයෝගී කර ගෙන සෑම පාසලක්ම දියුණුවෙන් දියුණුවට පත් කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන බවද පැවසීය.

එමෙන් ම කුමන ප්‍රදේශයක හෝ පාසලක් වේවා හරිත පාසලක් බවට පත් කර බවත් ඒ සඳහා ද අපහාස උපහාස සිදු කළත් ලෝකයේ නව ප්‍රවණතාවක් වන හරිත ප්‍රතිපත්තිය මෙරට පාසල් තුළ ද අනුගමනය කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

රඹුක්කන කොල්ලො දෙන්නා මරාදාපු හැටි ‌ඇසින් දුටු සාක්ෂිකරුවෙක් කතා කරයි! දවස් 3ක් තිස්සේ දස වද දීලා! පිහිවලින් කෑලි කපලා! තුවාලවලට මිරිස් කුඩු ඉහලා! සැනිටයිසර්වලින් නාවලා! අන්තිමේදී මැරුණට පස්සේ පොලිතින්වලින් ඔතලා වත්තේ වළලලා! කුකුළු කොටුවක් හදන්න උඩින් කොන්ක්‍රීට් තට්ටුවකුත් දාලා!

Next Post

ඇමැති හරීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩෙත් කරන්න ගිහින් හතර වටෙන්ම ප්‍රහාර! හරීන් දැමූ කොරෝනා නීතිය හරීන්ම රිවස් කරගනී! සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළියත් ගහයි! සෞඛ්‍ය අධ්‍යක්ෂ අසේලත් විරුද්ධ වෙයි! සංචාරකයො අරන් එන උදයංගත් පහර දෙයි!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.