පක්ෂ නායකත්වය මුල් කරගෙන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර මුහුණට මුහුණ ඉතා තීරණාත්මක හමුවක් අද (28) පැවැත්වීමට නියමිතව ඇත.
ඊයේ (27) රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂ සභාපති කබීර් හෂීම් යන මහත්වරුන් අතර පැවැති සාකච්ජාවකින් පසු මෙම හමුව පැවැත්වීමට තීන්දු වී තිබේ.
මෙම සාකච්ජාවේදී වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය හැරුණු විට නව සන්ධානයේ නායකත්වයත්, මහලේකම් ධූරයත් සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන බව ප්‍රකාශ කර ඇති අතර ඉදිරි මහමැතිවරණයේදී ජාතික ලයිස්තු ධූර 2ක් තමන්ට ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇත
හෂීම් මහතා වික්‍රමසිංහ මහතාගේ මෙම පණිවුඩය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී ඇති අතර වික්‍රමසිංහ මහතා ප්‍රේමදාස මහතා සමග සාකච්ජාවක් බලාපොරොත්තුවෙන් සිටින බවද දැනුම් දී ඇත.
ඒ අනුව ඊට ප්‍රේමදාස මහතා එකගතාව පළ කොට ඇති නමුත් කිසිදු අතරමැදියකුගෙන් තොරව තමා සමග තනිවම වික්‍රමසිංහ මහතා සාකච්ජාවට පැමිණිය යුතු බවට කොන්දේසියක්ද ඉදිරිපත් කොට තිබේ.
ඒ අනුව දෙදෙනා අතර අද සවස මෙම තීරණාත්මක හමුව පැවැත්වීමට නියමිත අතර යම් හෙයකින් එම සාකච්ජා බිදවැටුණහොත් අද රාත්‍රියේදී හෝ හෙට (29) උදේ වරුවේදී ප්‍රේමදාස මහතා සිය ඉදිරි දේශපාලන සැලසුම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










