• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

රනිල්-රාජපක්ෂලාගේ සපත්තු පොලිෂ් කරන සජබෙ මන්ත්‍රීවරුන්ගේ ‘පොලිසි’ එක! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!

April 1, 2023
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
රනිල්-රාජපක්ෂලාගේ සපත්තු පොලිෂ් කරන සජබෙ මන්ත්‍රීවරුන්ගේ ‘පොලිසි’ එක! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!
Share on WhatsAppShare on Facebook

‘එයාර් ලංකා ගුවන් සමාගම විකිණීමට යූ.ඇන්.පී.ය තරයේම විරුද්ධයි. ජාතියේ සම්පත් විකිණීමට යූ.ඇන්.පී.ය දැඩි සේ විරුද්ධයි. එයාර් ලංකා ගුවන් සමාගම සමග අස්සන් කළ ගිවිසුම අනාගත යූ.ඇන්.පී. ආණ්ඩුවක් යටතේ අවලංගු කරනවා…’
පාර්ලිමේන්තුව
19.05.1998

චන්ද්‍රිකා ආණ්ඩුව එයාර් ලංකා විකිණීමට එරෙහිව චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව යූ.ඇන්.පී.ය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේදී පාර්ලිමේන්තුව දෙවනත් කරමින් මෙසේ කෑමොර දුන්නේ වෙන කවුරුවත් නොව එවක විපක්ෂ නායක සහ යූ.ඇන්.පී. නායක රනිල් වික්‍රමසිංහය.

එපමණක් නොව රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සහ යූ.ඇන්.පී. නායක ලෙස එයාර් ලංකා විකුණන්න ලංකාවට උපදෙස් දුන් ලෝක බැංකුවේ එස්.එම්. ඇන්ඩ් ඊ. කියන උපදේශක කමිටුවට තර්ජනය කරමින් කීවේ එමිරේට්ස්-එයාර් ලංකා ගනුදෙනුව අන්ත දූෂිත ගනුදෙනුවක් බවත්, තම පක්ෂය බලයට ආ විගස ගනුදෙනුව අහෝසි කරන බවත්ය. 1998 මැයි 24 සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ රනිල්ගේ තර්ජනයෙන් පසු ලෝක බැංකු සභාපති ජේම්ස් වොල්ෆ් ලංකාවට එයාර් ලංකා විකුණන්න උපදෙස් දුන් ලෝක බැංකු උපදේශක කමිටුවෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවය. ඒ වගේම යූ.ඇන්.පී.ය නිවේදනයක් නිකුත් කරමින් කීවේ එයාර් ලංකා විකිණීම පිටුපස අතිවිශාල මංකොල්ලයක් සිදුව ඇති බවත්, ඒ සියල්ල හෙළිකර ගිවිසුම අවලංගු කරන්න කටයුතු කරන බවත්ය.

එයාර් ලංකා විකිණීමට එරෙහිව පමණක් නොව ලංකා සිමෙන්ති සංස්ථාව විකිණීමට එරෙහිව ටෙලිකොම් විකිණීමට එරෙහිව, ෂෙල් ගෑස් විකිණීමට එරෙහිව වරායේ එලිසබෙත් ජැටිය විකිණීමට එරෙහිව යූ.ඇන්.පී.ය ප්‍රධාන විපක්ෂය ලෙස රට ගිනිතිබ්බ අතර, මේ විකිණීම්වලට එරෙහිව චන්ද්‍රිකාගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන ආවේය. සිමෙන්ති සංස්ථාව විකිණීමට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ප්‍රකට වූයේ තවක්කාල් විවාදය කියාය. රනිල් සහ යූ.ඇන්.පී.ය කීවේ මේ හැම විකිණීමක් පිටුපසම දූෂණ කන්දක් ඇති බවය. මේ සියලු විකිණීම් තම ආණ්ඩුවක් ආ විගස අහෝසි කරන බවට රනිල් රටටම ප්‍රතිඥා දුන්නේය.

2002 රනිල්ගේ ආණ්ඩුවක් බලයට ආවේය. රනිල්ගේ ආණ්ඩුව එයාර් ලංකා තියා චන්ද්‍රිකා වික්ක ිකසිම ගනුදෙනුවක් අවලංගු කළේ නැත. රනිල්වත් යූ.ඇන්.පී.යවත් වැරැදි නැත. දේශපාලනය කියන්නේ ඒකටය. වෙනකක් තබා 2020 මහ ඡන්දයෙන් කුජීත වී යූ.ඇන්.පී.යට එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හිමි වූවාට පසුවත් ගෝඨාගේ ආණ්ඩුව කෙරවලපිටිය කොටස් ඇමෙරිකානු සමාගමකට විකුණන්න යන විට යූ.ඇන්.පී. සභාපති වජිර අබේවර්ධන කීවේ රට ඉදිරියට ගෙන යන්න මුදල් නැති නිසා රාජ්‍ය සම්පත් විකිණීම රට මහා අර්බුදයකට තල්ලු කිරීමක් කියාය. ඔහු මෙලෙස කීවේ 05.07.2021 සිරිකොත මාධ්‍ය සාකච්ඡාවකදීය.

මේකට කියන්නේ විපක්ෂයේ දේශපාලනයය. මේ විපක්ෂ දේශපාලනය දන්නේ නැති සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙතුන් දෙනෙක් හොර රහසේ රනිල් සහ රාජපක්ෂ හවුල සමග ඩීල් දමාගෙන විකිණීම අපේ පක්ෂයේ ප්‍රතිපත්තිය, විකිණීමට එරෙහි වැඩවර්ජනවලට අපේ සහාය නැහැ කියා යකා නටයි. ඔවුන් නොකියා කියන්නේ රනිල්ගේ වැඩපිළිවෙළ හොඳයි කියාය. රනිල් අයි.එම්.එෆ්. යන එකත් හොඳය. රනිල් විකුණන එකත් හොඳය. රනිල් ගහන බදුත් හොඳය. මෙහෙම කියන්නේ සමගි ජන බලවේගය නොව රනිල් සහ රාජපක්ෂ හවුල සමග යටින් ඩීල් දමාගෙන රනිල් සහ රාජපක්ෂ හවුල ආරක්ෂා කරන ව්‍යාපාරිකයන්ගෙන් සන්තෝසම් ගන්නා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙතුන් දෙනෙකි. මේ මන්ත්‍රීවරු දෙතුන් දෙනා මෙහෙයවන්නේ මහජනතාව නොව රනිල් සහ රාජපක්ෂ හවුල නිසා හරි හම්බකරගත් නොම්මර එකේ දූෂිත ව්‍යාපාරිකයන්ය.

‘රනිල් අයි.එම්.එෆ්. ගත්ත එක ලොකු ජයග්‍රහණයක් කියලා කියන්න. මම ඔයාට සලකන්නම්…’

‘රනිල් තෙල් සමාගම්, ටෙලිකොම් විකුණනවාට විරුද්ධව වර්ජනය කරන වෘත්තීය සමිතිවලට ගහන්න. ඔයාගේ ඉලෙක්ෂන් ෆන්ඩ් එක අපි බලාගන්නම්…’

මේ රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුවට පින් සිද්ධ වෙන්න අතමිට සරුකරගත් දූෂිත ව්‍යාපාරිකයන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙතුන් දෙනකුට කෝල් කරලා කියන කතාවය.

‘අපි දෙන්නම් වැඩේ ගානට. අපි කියන්නම් මේක තමයි අපේ පක්ෂයේ පොලිසි එක කියලා. පොලිසි එක පිටින් දමලා අපි රනිල්ව උස්සලා දෙන්නම්…’

මේ මන්ත්‍රීවරු දෙතුන් දෙනා එහෙම කියලා පහුවදාම රනිල් සහ රාජප්කෂ ආණ්ඩුවට කඩේ යන මාධ්‍යවලට වොයිස් කට් දෙන්නේ ලැජ්ජාවක් හිරිකිතයක් නැතුවය.

‘රනිල් අයි.එම්.එෆ්. යෑමත් හොඳ නම්, රනිල් බදු ගහන එකත් හොඳ නම්, රනිල් විකුණන එකත් හොඳ නම් මිනිස්සු සමගි ජන බලවේගයට ඡන්දය දෙන්නේ මොනවටද? රනිල්ටම ඡන්දය දුන්නම ඉවරයිනේ…’

මේ, සමගි ජන බලවේගයට ඡන්දය දුන්න මිනිස්සුම කියන කතාවය.

‘අරගලය තියෙන කාලයේ ජේ.වී.පී. එකට රැල්ලක් තිබුණේ නෑ. ජේ.වී.පී. එකට මේ රැල්ල හැදුණේ රනිල් ජනාධිපති වෙලා සමගි ජන බලවේගය රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තියේ දිශානතිය හොඳයි කියන්න ගත්තට පස්සේ…’

මේ හොඳ පරණ වාමාංශිකයෙක් කිව්ව කතාවය.

‘මිනිස්සු හොයන්නේ පවතින ක්‍රමයට විකල්පයක් මිසක් ආදේශකයක් නෙවෙයි….’

ඔහු මේ කියන කතාව හරියට හරිය. විපක්ෂය කියන්නේ විකල්පයය. 1994ට පෙර ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක මතවාද දෙකක් නියෝජනය කළේය. යූ.ඇන්.පී.ය විවෘත ආර්ථිකය හොඳයි කීවේය. ශ්‍රීලනිපය විවෘත ආර්ථිකය වැරැදියි කීවේය. 1994 චන්ද්‍රිකා බලයට ඇවිත් යූ.ඇන්.පී. විවෘත ආර්ථිකය ඉස්පිල්ලක් ඇලපිල්ලක් නෑර ක්‍රියාත්මක කළේය. රාජ්‍ය දේපළ වැඩිම ප්‍රමාණයක් වික්කේ ඇයගේ ආණ්ඩුවය. මේ කාලය යූ.ඇන්.පී.යට හරි අමාරු කාලයක් විය. යූ.ඇන්.පී.ය චන්ද්‍රිකාගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය පතුරු ගැහුවේ චන්ද්‍රිකා අනුගමනය කරන්නේ යූ.ඇන්.පී. විවෘත ආර්ථික ප්‍රතිපත්තිය බව දැන දැනමය. චන්ද්‍රිකාගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියට තදින්ම ගැහුවේ විවෘත ආර්ථිකයේ මව වූ රොනී ඩි මෙල්ය. එවක ඔහු යූ.ඇන්.පී. මන්ත්‍රීවරයෙකි. චන්ද්‍රිකා රාජ්‍ය සම්පත් විකුණන්න යද්දී ඊට එරෙහිව නැගී සිටින වෘත්තීය සමිති වෙනුවෙන් යූ.ඇන්.පී.ය පෙනී සිටියා පමණක් නොව යූ.ඇන්.පී. වෘත්තීය සමිතිය වූ ජාතික සේවක සංගමය එම වෘත්තීය සමිති සමග කරට කර රාජ්‍ය සම්පත් විකිණීමට එරෙහිව වැඩවර්ජන කළහ. මෙයින් වුණේ චන්ද්‍රිකා විවෘත ආර ්ථික විරෝධී ශ්‍රීලනිපය තුළ ජන අප්‍රසාදයට පත්වීමය. රනිල් සහ යූ.ඇන්.පී.ය විකිණීමට එරෙහි වෙස් මුහුණක් බැඳගත්තේ චන්ද්‍රිකාව ශ්‍රීලනිප ජන පදනම තුළ ඉවර කරන්නටය. ජේ.ආර්. 1957 බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට එරෙහිව මහනුවරට පයින් ගියේ බණ්ඩාරනායකව ශ්‍රීලනිපයේ සිංහල බෞද්ධ ජන පදනම තුළ බණ්ඩාරනායකව ඉවර කරන්නටය.

‘ඉදින් සිදුවීම් වෙනස් කිරීමට නොහැකි යල් පැනගිය පුද්ගලයන් බවට පත්වීමට කැමැති නම් විනා දේශපාලනඥයන් අවස්ථාවාදීන් විය යුතුය…’

මේ, බි්‍රතාන්‍යයේ හිටපු අගමැති බෙන්ජමින් ඩිස්රේලි කියපු කියමනක් ජේ.ආර්. හැම විටම තම යූ.ඇන්.පී. සගයන්ට මතක් කර දුන් ආකාරයය. අද සමගි ජන බලවේගයත් මතක් කරගන්න ඕනෑ ජේ.ආර්. අදහපු මේ ඩිස්රේලිගේ කියමනය. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙතුන් දෙනා ‘විකිණීම අපේ පොලිසි එක’ කිය කියා කරන්නේ රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුවේ සපත්තු පොලිෂ් කිරීමය.

‘හම්බන්තොට තෙල් පිරිපහදුව ගන්න අයැදුම් කළ සමාගම් 6න් 5ක්ම නමට හදපු සමාගම්…’

මෙහෙම කියන්නේ ලංකාවේ විද්වතුන්ය. ‘විකිණීම අපේ පොලිසි’ එක කිය කියා රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුවේ සපත්තු පොලිෂ් කරන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙතුන් දෙනා මේ ගැන කටක් හොල්ලන්නේ නැත. ඇත්තටම ඔවුන් කළ යුත්තේ මේ සමාගම් කොහෙද තියෙන්නේ? කවුද මේ සමාගම් එක්ක ගනුදෙනු කරන්නේ? මොනවද අත යට යන ඩීල්? කියලා හොයලා බලලා රටට හෙළිදරව් කිරීමය. ඔවුන් එහෙම නොකරන්නේ සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් හදලා ඇමැතිකම් ගන්නවාට වඩා රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුව සමග ඩීල් දමාගෙන කීයක් හරි හම්බ කරගන්න එක ඇඟට පතට ලෙහෙසි නිසාය.

මහජනතාව විපක්ෂයක් පත්කර ගන්නේ ආණ්ඩුවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දීලා තියෙන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්න හදනවා නම් එයට එරෙහි වන්නටය. වැඩවර්ජනය කරන්න තියෙන අයිතිය නැති කරනවා නම් එයට විරුද්ධව සටන් කිරීමටය. ආණ්ඩුවක මර්දනයට ලක්වෙන කම්කරු බලවේගවල එකම පිහිට විපක්ෂයය. රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුවෙන් වරදාන ගත්ත සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු දෙතුන් දෙනා විපක්ෂයේ ඒ වගකීම ඉටුකරන්න සමගි ජන බලවේගයට ඉඩ නොදී කකුල් මාට්ටු දමනවා නම් ඔවුන් කකුල් කෙටියෙන් අල්ලලා ආණ්ඩුවට වීසි කළ යුතුය.

1974 මැයි පෙළපාළියේදී එවක අගමැතිනි බණ්ඩාරනායක මැතිනිය වේදිකාවේ තියාගෙන වාමාංශික පක්ෂ නියෝජනය කළ මිනිස්සු අපූරු සටන් පාඨයක් කීහ.

‘අගමැතිනිට මේ කියන්නේ
කැස්ත්‍රො වගේ කෙළින් ඉන්න’

රනිල් සහ රාජපක්ෂ ආණ්ඩුවට ගොට්ට අල්ලන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ නායකයන්ට පාක්ෂිකයන් දිය යුත්තේ මේ පණිවුඩයය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඉන්ෆ්ලුවැන්සා A-B දෙකම‌ මේ දවස්වල සැරටම යනවා! දරුවන් පරෙස්සම් කරගන්න!

Next Post

හේමා ප්‍රේමදාස නිල නිවෙස ආණ්ඩුවටම බාර දෙයි!

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.