ඉන්ෆ්ලුවන්සා ඒ සහ බී රෝග දෙකම මේ දිනවල පැතිරී යෑමක් සිදුවෙමින් තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කරන ළමා රෝගීන්ගෙන් හෙළිවීම නිසා තම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැඩි අවධානයකින් පසුවන ලෙස එම රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
කැස්ස, උණ, සෙම්ප්‍රතිශ්‍යාව දින තුනකට වඩා පවතින්නේ නම් වෛi ප්‍රතිකාර ලබාගන්නා ලෙසත්, මවුපියන්ට එම රෝග ලක්ෂණ පවතින්නේ නම් දරුවන් දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට එවීමෙන් වළකින ලෙසද දැනුම් දෙන බව වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ‘මව්රට’ට පැවැසීය.
වයස අවුරුදු 2ට අඩු දරුවන් මෙන්ම ශ්වසන රෝගවලට මැදිවී සිටින අයද, අවුරුදු 65 ඉක්මවන පුද්ගලයන්ද මෙම රෝගයට කඩිනම් ප්‍රතිකාර ලබාගත යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.
මෙම රෝග ලක්ෂණ තිබෙන අය මුව ආවරණ පැලඳීමට උනන්දු විය යුතු බවද වෛද්‍යවරයා පෙන්වා දෙයි.
මෙම රෝගය සමග ඇස්වලින් කබ ගැලීමක් ඇති බවට හෙළිව ඇති බැවින් ඒ පිළිබඳ පුළුල් ලෙස පරීක්ෂණ පවත්වාගෙන යන බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න