• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් දියතලාවට යයි! කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලියට එක්වෙයි! (PHOTOS)

December 17, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
රනිල් දියතලාවට යයි! කැඩෙට් නිලධාරීන්ගේ විසිර යාමේ පෙළපාලියට එක්වෙයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සමග කටයුතු කිරිමේ දී සියලු රටවල් සමග මිත්‍රශීලි පිළිවෙතක් අනුගමනය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලෝක බලවතුන්ගේ අරගලවලදී එක් පිළකට බෙදී වෙන් නොවී, සියලු රටවල් සමග මිත්‍රශීලිව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ යහපත් තලයකට ඔසවා තැබිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ කැඩෙට් නිලධාරීන්ගේ 97 වන විසිරයාමේ පෙළපාලියට අද (17) පෙරවරුවේ එක්වෙමිනි.
දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව නිම කළ කැඩෙට් නිලධාරීන් තුන්සිය පනස් එක් දෙනෙකු (351) අධිකාරියට පත් කිරීම අද දින සිදු කෙරිණි.විදේශ රටවල් හතරක කැඩෙට් නිලධාරීන් ද පුහුණුව ලබා අධිකාරියට පත්වීම විශේෂත්වයකි.

යුද හමුදා විද්‍යාපීඨය වෙත පැමිණි සේනාධිනායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා අභිමානවත් අයුරින් පිළිගැනිණි.

ප්‍රථමයෙන් එම පරිශ්‍රයේ ඇති රණවිරු ස්මාරකය වෙත ගිය ජනාධිපතිවරයා ඊට පුෂ්පෝපහාර දැක්වීය.

අනතුරුව කැඩෙට් නිලධාරීන්ගේ පෙළපාලිය පරීක්ෂා කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දක්ෂතම කැඩෙට් කණ්ඩායම වෙත ශූරතා ධජය පිළිගැන්වීම හා කැඩෙට් නිලධාරීන් වෙත අසිපත පිළිගැන්වීම සිදු කළේය.
අද දින අධිකාරි ලත් කැ‍‍‍ඩෙට් නිලධාරීන් සමග සමූහ ඡායාරුපයකට පෙනි සිටි ජනාධිපතිවරයා සිය සංචාරය සනිටුහන් කරමින් විද්‍යාපීඨ භූමියේ නා පැලයක් රෝපණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,
අද ඔබට ඉතා වැදගත් දිනයක්. අද ඔබ දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ පුහුණුව අවසන් කරනවා. නමුත් එය ඔබගේ ජීවිතයේ අලුත් ආරම්භයක්. අද ඔබ සියලු දෙනාම යුද්ධ හමුදාවේ නිත්‍ය සාමාජිකයන් ලෙස සේවය ආරම්භ කරනවා .
ශ්‍රී ලංකා යුද හමුදාවේ නායකන් ලෙස අද සිට ඔබටත් වගකීමක් තිබෙනවා. යුද හමුදාව හා එහි සෙබළුන් ආරක්ෂා කිරීමේ වගකිම ඒ අනුව ඔබට පැවරෙනවා. අද ඔබට මෙම වගකීම පවරන්නේ ජන රජයක් ලෙසයි. එය ආරක්ෂා කිරීම ඔබේ වගකීමක්. ජනරජය සතුරාගෙන් ආරක්ෂා කිරීමේ වගකීමත් ඔබට පැවරී තිබෙනවා. සෑමවිටම ඔබ පුහුණු කරන ආයතනයේ ගෞරවය සහ කීර්ති නාමය ආරක්ෂා කළයුතුයි.
රටක් ලෙස අපි ලෝක බලවතුන් සමඟ එක පිලකට වෙන් වී නෑ. ලොව බලවතුන් සමග අපි ගිවිසුම්ගත වෙලා නෑ. මොකද අපි දූපත් රාජ්‍යයක්. අපි සියලු රටවල් සමඟ මිත්‍රශිලිව කටයුතු කළයුතුයි.

මේ රට ආරක්ෂා කර ගැනීමේ වගකීම ඔබට පැවරෙනවා. අභ්‍යන්තර මෙන්ම බාහිර බලපෑම්වලින් රට ආරක්ෂා කර ගැනිමේ හැකියාව ඔබට තිබෙනවා. ඔබ ඇතුලත් වන අපගේ යුද හමුදාවට යුධ අත්දැකීම් තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර යුද අත්දැකීම් ඔවුන් සතුයි. එක්සත් ජාතීන්ගේ හමුදාව සමග එක්ව මාලි රාජ්‍යයේ මෙහෙයුම්වලට අපේ ආරක්ෂා හමුදා ද සහභාගී වී සිටිනවා.
එම නිසා ඔබට අභියෝග ජය ගත හැකියි. ඉදිරියේ දී පැමිණිය හැකි කුමන හෝ අන්දමේ අභියෝග භාරගෙන ඒවාට ශක්තිමත්ව මුහුණ දීමේ හැකියාව ඔබ සතු‍ වෙනවා. එබැවින් එම වගකීම මා ඔබට භාරදෙන අතර ශක්තිමත්ව ඉදිරියට කටයුතු කරන ලෙස ඔබ සියලුදෙනාගෙන් ඉල්ලා සිටිනවා.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද සිල්වා, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, දියතලාව යුද හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරාල් නියන්ගොඩ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

SendShareShare
Previous Post

දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනයට චමුදිත සමරවික්‍රමගෙන් ප්‍රකාශයක් ගන්න හෙට රහස් පොලිසියට එන්න කියලා!

Next Post

ඝාතනයට ලක්වූ දිනේෂ් ෂාෆ්ටර් ගැන කවුරුත් නොදැන සිටි මහා හෙළිදරව්වක්! බැඳුම්කර වංචාවේ ප්‍රධාන සාක්ෂිකරුවෙක්! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.