සමගි ජන බලවේගය තුළ සැලුන් දොරක් නොමැති බැවින් පක්ෂයෙන් ඉවත්ව ගිය කිසිවෙකු නැවත පක්ෂයට නොගන්නා බව සමගි ජන බලවේගයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර කියනවා.
අමාත්‍ය ධුර වලින් ඉවත්වූ හරින් ප්‍රනාන්දු සහ මනූස නානායක්කාර යන මන්ත්‍රීවරුන් නැවත පක්ෂයට එක් කර ගන්නේද යන්න පිළිබඳ විමසීමේදී පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා.










