රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් තවත් මාතෘකාවක් ආණ්ඩුව ඇතුළේද පසුගිය සතියේ සිදුවිය. කැබිනට් මණ්ඩලයේදී සිදුවූ මේ සාකච්ඡාවට මාතෘකාවට පදනම් වූයේ පාර්ලිමේන්තුවේ හෝ විපක්ෂයේ කිසිදු තනතුරක් නොදරා රනිල්ට ආණ්ඩුවෙන් ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන්ය.
ඉකුත් කාලයේදී රනිල් විපක්ෂනායකවරයා ලෙස කටයුතු කළද මේ වන විට රනිල් අවම වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුවත් නොවේ. නමුත් තවමත් රනිල්ට එදා විපක්ෂ නායක සමයේ ලබාදුන් ආරක්ෂාව වූ 200කට අධික ආරක්ෂකයන් සහ නිල රථ ලබාදී ඇති බවටත්, එය නීත්‍යානුකූල නොවන බවටත් ආණ්ඩුව ඇතුළේ පැවැති මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී තිබේ.
අවසානයේදී තීන්දු වූයේ රනිල්ට ලබාදී ඇති මෙම ඉහළම තලයේ ආරක්ෂක විධිවිධාන ඉවත් කොට සාමාන්‍යයෙන් පක්ෂ නායකයකුට දෙන ආරක්ෂාව පමණක් රනිල්ට ලබාදීමටය.
නමුත් ඉදිරියේදී රනිල්ට පක්ෂ නායකත්වයෙන් පවා ඉවත් වීමට සිදුවුවහොත් ඒ ලැබෙන ආරක්ෂාවද අහෝසි වීමට ඇති ඉඩකඩ බොහෝය.
කපිල පුංචිමාන්නගේ