සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැඳවියන් 444දෙනෙකුට ජනපති පොදු සමාව යටතේ නිදහස ලබා දීමට රජය තීරණය කර තිබේ.
එහිදී වැඩිම රැඳවියන් සංඛ්‍යාවක් වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වන අතර එම සංඛ්‍යාව 83කි.
පල්ලේකැලේ බන්ධනාගාරයෙන් රැඳවියන් 54 දෙනෙකුද, කුරුවිට බන්ධනාගාරයෙන් රැඳවියන් 35 දෙනෙකු ද, මහර බන්ධනාගාරයෙන් රැඳවියන් 30 දෙනෙකු ද, අනුරාධපුර බන්ධනාගාරයෙන් රැඳවියන් 28 දෙනෙකු ද වශයෙන් දිවයින පුරා පිහිටි බන්ධනාගාර 29ක රැඳවියන්ට මෙලෙස නිදහස හිමිව තිබේ.
බන්ධනාගාර තුළ මේ වන විට පවතින අධික තදබදය පාලනය කිරීම සඳහා මෙම රැඳවියන් ජනපති පොදුසමාව යටතේ නිදහස් කෙරෙන බව තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.
මේ පිරිස අතර කාන්තාවන 18ක්ද සිටිති.










