• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් ‌කාටවත් නොකියාම රැස්වීමකට යයි!

October 7, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
රනිල් ‌කාටවත් නොකියාම රැස්වීමකට යයි!
Share on WhatsAppShare on Facebook

වත්මන් අභියෝගයෙන් රට ගොඩගැනීමට නම් රට තුළ ස්ථාවරභාවයක් ඇති කළයුතු බවත්, ඒ සඳහා නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ප්‍රචාරණයක් නොමැතිව කිසිවක් සාර්ථක කරගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩගැනීමේ රජයේ වැඩපිළිවෙළ නොපමාව ජනතාවට හෙළි කිරීමට කැපවන්නැයි සියලු මාධ්‍ය ලේකම්වරුන්ට පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රාජ්‍ය සන්නිවේදන යාන්ත්‍රණය පිළිබඳ සියලු කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ආණ්ඩුකාවරුන්ගේ මාධ්‍ය ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා අද (07) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණු වැඩමුළුව අමතමිනි.

පෙර දැනුම්දීමකින් තොරව හදිසියේම ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක්වීම විශේෂත්වයකි.

රජයේ සංවර්ධන හා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ජනගත කිරීමේ දී ප්‍රමුඛ වගකීමක් අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරුන්ට පැවරෙන අතර එහිදී රාජ්‍ය සන්නිවේදන යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වා ගෙනයාමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනාධිපති මාධ්‍ය අංශය හා අමාත්‍යාංශ අතර ප්‍රශස්ත සම්බන්ධීකරණයක් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ මෙම වැඩමුළුවේදී මාධ්‍ය ලේකම්වරුන් දැනුවත් කෙරිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

මෙවැනි වැඩමුළු පැවැත්වීම කාලෝචිත පියවරක් බව කිව යුතුයි. මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් දැක්වීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම දැන් කතා කළා ඇති. ඒ කතාවල හරය රටට ලබාදීමයි දැන් තිබෙන්නේ. ආණ්ඩුවේ වැඩපිළිවෙළ රටට දන්වන්න තිබෙනවා. අපි ඉතා අසීරු කාලයක ඉන්නේ. මම හිතන්නේ 20 වන ශතවර්ෂයේ නෙවෙයි ඊට පෙරවත් මෙවැනි තත්ත්වයකට අප මුහුණ දී නැහැ. අපිට මෙයින් ගොඩඑන්න තිබෙනවා. ජනතාව බොහෝ දෙනෙක්ට බලාපොරොත්තු නැති වෙලා තිබෙනවා. අපි ඒ තත්ත්වය නිවැරදි කළ යුතුයි. ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද කියා සඳහන් කළයුතුයි.
රටේ තිබෙන ප්‍රශ්න ගැන අපි අවධානයෙන් ඉන්නේ, හැම ප්‍රශ්නයකටම දැනට විසඳුම් සොයන්න බැරි වුණත් අපි ඒ ප්‍රශ්න ගැන දන්නවා. ඒ පිළිබඳ ජනතාවට පණිවිඩයක් ලබා දිය යුතුයි. හැමකෙනාම දැන ගන්න ඕන මොකක්ද ආණ්ඩුව කරන්නේ කියලා. වැරදි මත තිබෙනවනම් ඒවා නිවැරදි කරගන්න ඕන. මේ අසීරු කාලයෙන් අපි ගොඩඑන්න ඕන. රටේ අස්ථාවර භාවයක් තිබුණොත් ගොඩඑන්න බැහැ. රටේ ස්ථාවර භාවයක් තිබෙන්න ඕන. ඒ ස්ථාවර භාවය ඇති කරන්න ඕන නිවැරදි තොරතුරු ලබා දීලා.
අද විද්‍යුත් මාධ්‍යයෙන්, මුද්‍රිත මාධ්‍යයෙන් නොවෙයි ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන්නේ සමාජ මාධ්‍යයෙන්. එහි හොදයි, නරකයි දෙකම තිබෙනවා. ඒක මුළු ලෝකයේම තිබෙන ප්‍රශ්නයක්. අපිට එය විශේෂයෙන්ම බලපාන්නේ මේ අවස්ථාවේදී. ඉතින් ඔබ සියලුදෙනාට මේ වගකීම ඉෂ්ට කරන්න තිබෙනවා.
ඔබේ වගකීම නිසි ලෙස ඉටු නොකළහොත් මුළු රටටම තවත් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඔබ අද හමුවන්නේ ඒ පණිවිඩය ලබාදීමටයි. මෙම වැඩමුළුවට සියලු මාධ්‍ය ලේකම්වරුන්ට ආරාධනා කර තිබෙන බව මට දැන ගන්න ලැබුණා. නමුත් පැමිණීමේ ලේඛනය අනුව අද මේ සඳහා සහභාගී වී සිටින්නේ 83%ක පමණ පිරිසක්. ආවේ නැත්තේ කවුද කියලත් හොයන්න ඕන. මොකද මේ අයට වගකීමක් පැවරී තිබෙනවා. කොහොමද මාධ්‍යයට කරුණු පැහැදිළි කරන්නේ, කොහොමද වැරදි මත නිවැරදි කරන්නේ, ඒ සඳහා විශාල ප්‍රචාරන ව්‍යාපාරයක් ගෙනියන්න තිබෙනවා. ප්‍රචාරය නැතිව කිසිවක් සාර්ථක වෙන්නේ නැහැ.
මීට අමතරව තවත් වැඩසටහන් තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබ දැනුවත් විය යුතුයි. ඒ තමයි නිදහසින් පසු 75 වන සංවත්සරය පවත්වන්නේ ලබන වසරේ. ඒ වගේම ලබන සතියේ සිට හිටපු කතානායකතුමාගේ අදහසක් අනුව ජනසභා ඇති කිරීමේ වැඩපිළිවෙල සැලසුම් කරලා තිබෙනවා. මෙලෙස විශාල වැඩකොටසක් තිබෙනවා. ඒ ගැන ප්‍රචාරයක් ලබා ගැනීමට තමයි මෙවැනි වැඩසටහන් සංවිධාන කරන්නේ.
ඒ වාගේම මම යෝජනා කරලා තිබෙන්නේ මාස 03කට පමණ සැරයක් මෙම පිරිස කැඳවලා සාකච්ඡා කරන්න. මේ වැඩසටහන කරන අපේ මාධ්‍ය අංශ භාර ප්‍රධානීන්ට මෙන්ම ලංකාදීප ප්‍රධාන කර්තෘතුමාට මම ස්තූතිවන්ත වෙනවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාගේ මගපෙන්වීමෙන් සංවිධාන කර තිබූ මෙම අවස්ථාවට අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්වරු සහ ස්වාධීන රූපවාහිනි ආයතනයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ආණ්ඩුව ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව හෑල්ලු කරපු හැටි හිටපු විදේශ අමාත්‍යවරයා උදාහරණත් එක්කම කියයි! (VIDEO)

Next Post

රට ගොඩගන්නවා නම් මෙහෙමයි ගොඩගන්නේ! ජනාධිපතිගේ කතාවට යෝජනා 20ක් සමග විපක්ෂ නායකවරයා උත්තර දෙයි! (VIDEO)

MORE NEWS

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 16ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

Load More
සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...

Read more
මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

පීටර්සන් සොලියුෂන්ස් ශ්‍රී ලංකා සමාගම සිය නව ප්‍රධාන කාර්යාලය කොළඹ ඔරියන් සිටි හිදී විවෘත කරමින් වර්ධනයේ සහ නව්‍යකරණයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරයි! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

මුහුදු තීරයේ ජාවාරම්වලට හවුල් වෙලා? කල්පිටිය OIC විතරක් ඉතුරු කරලා මුලු පොලිසියම මාරු කරයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පාර්ලිමේන්තුව ඇතුළේ මුළු විපක්ෂයම එකතු කරන් සටනක් දෙන විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවෙන් එළියේ සටනටත් ලෑස්ති වෙයි! ආණ්ඩුවේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය-මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට නව සිවිල් සමාජ ව්‍යාපාරයක් ආරම්භ කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.