රාජපක්ෂවරුන් සිදු කළ කාර්යයම අද ජනාධිපතිවරයා විසින් සිදුකරන බවත්, වෙනසකට ඇත්තේ ඇඳුමේ වෙනසක් පමණක් බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
ඊට හොදම උදාහරණය ලාබ ලබන ආයතන පවා විකිණීමට කටයුතු කරමින් සිටීම බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ලාබ ලබන මත්තල සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීම ගැටලුවක් නැති බවත්, ලාබ ලබන ආයතන විකිණීම පිළිගත නොහැකි බවත් රාජකරුණා මහතා කීය.










