විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට කඩා වැදී ගිනි තබා ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.
රනිල් වික්‍රමසිංහ මහතාට පාරම්පරිකව උරුම වූ කෞතුක භාණ්ඩ වලින් යුතු මෙම නිවසේ වැඩිපුරම තිබුණේ පොත් පත් බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය.
නවීන භාණ්ඩ කිසිවක් එහි නොතිබූ බවත් පැරණි ගෘහ භාණ්ඩ පමණක් තිබූ බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.










