කොරෝනා සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සදහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (04) දිනයේදී අරලිය ගහ මන්දිරයේ කැදවා තිබූ රැස්වීමට සහභාගී නොවීමට එක්සත් ජාතික පක්ෂයද තීරණය කර ඇත.
මීට පෙර එජාපය එම රැස්වීමට සහභාගී වන බව ප්‍රකාශ කර තිබුණද අද (03) දහවල් පැවැති විශේෂ රැස්වීමකදී ඊට සහභාගී නොවීමට තීන්දු කර තිබේ.
වාදවිවාද රැසක් මැද පැවැත්වී ඇති මෙම රැස්වීමේදී ඊට සහභාගී වූ පිරිස් පෙන්වා දී ඇත්තේ අගමැතිවරයාගේ එම රැස්වීමට සියලුම විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර ඇති හෙයින් ඊට සහභාගී වීමෙන් පලක් නොවන බවකි.
ඒ අනුව එම රැස්වීමට සහභාගී නොවීමට එජාපයේ මන්ත්‍රීවරුන් පිරිසද තීන්දු කර තිබේ.
මීට පෙර විපක්ෂය නියෝජනය කරන සමගි ජන බලවේගයද, ජනතා විමුක්ති පෙරමුණද අගමැතිවරයා කැදවූ රැස්වීම වර්ජනය කිරීමට පියවර ගෙන තිබිණ.










