එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිහං මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත රහස් ලිපියක් යොමු කරනු ලැබ ඇති බව දැනගන්නට ඇත.
ඊයේ (10) දහවල් පැවැති එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටු රැස්වීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා විසින් සවස් වරුවේ මෙම ලිපිය මැතිවරණ කොමිසම වෙත යොමු කර ඇති බවද දැනගන්නට තිබේ.
මෙහිදී වික්‍රමසිංහ මහතා කොමිසමට දැනුම් දී ඇත්තේ තමන්ගේ අනුමැතියකින් තොරව පක්ෂයේ කිසිදු පුද්ගලයකු විසින් එවනු ලබන ලිපි පිළිනොගන්නා ලෙසටය.
බොහෝවිට එජාපයට හිමිව ඇති එකම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් දැනට මතුව ඇති අර්බූදය හේතුකොටගෙන වික්‍රමසිංහ මහතා කොමිසම වෙත මෙම දැනුම් දීම කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.










