එදා ජනාධිපතිවරණ සමයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රටවිරුවන් ලෙස හදුන්වමින් ඔවුන්ගේ ජන්දය ලබා ගත් ආණ්ඩුව කොරෝනා අර්බූදය හේතුවෙන් අද ඔවුන් මිනිස් බෝම්බ ලෙස නම් කොට ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජේ.සී අලවතුවල මහතා පෙන්වා දෙයි.
මෙය ඉතා කනගාටුවට කරුණක් බවත්, ආණ්ඩුවේ ඇතැම් මැතිඇමැතිවරුන්ගේ හැසීරීම කිසිසේත්ම පිළිගත නොහැකි බවත් අලවතුවල මහතා පෙන්වා දුන්නේය.
ලක්ෂ 15කට ආසන්න සංඛ්‍යාවක් රටවල් 16ක ජීවත් වන බව පෙන්වා දුන් අලවතුවල මහතා මින් 70000ක පිරිසක් ලංකාවට පැමිණීමට ඉල්ලුම් කොට ඇති බවත්, ඔවුන් ආරක්ෂිතව ගෙන්වා ගැනීම ආණ්ඩුවේ වගකීම බවත් පෙන්වා දුන්නේය.










