කොළඹ, මහනුවර, ගාල්ල, ත්‍රිකුණාමලය, කුරුණෑගල සහ රත්නපුර වැනි ප්‍රධාන නගරවල සැලසුම් කර තිබූ දැවැන්ත ව්‍යාපෘති 25 ක් පමණ ඉදිරියට ගෙනයාමට රජය තීන්දු කර ඇත.
ඒ අනුව ඊට අදාළ පුද්ගලික ඉඩම් අත්පත් කර ගැනීමට සහ පීඩාවට පත්වන දහස් ගණනකට වන්දි ගෙවීම සඳහා සැලසුම් කර තිබේ.
නව සැලසුමට අනුව මධ්‍යම අධිවේගී මාර්ගය, මෙට්‍රෝ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය සහ කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ දක්වා ඉදිවන දුම්රිය මාර්ගයද වේ.
මීට අමතරව පහත ව්‍යාපෘතිද දියත් කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
ලෝක බැංකු අරමුදල් යටතේ මහනුවර සහ ගාල්ල සංවර්ධනය, ප්‍රංශ ඒජන්සි ආධාර යටතේ අනුරාධපුර සංවර්ධනය, සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ඒඩීබී) අරමුදල් යටතේ ත්‍රිකුණාමලය, දඹුල්ල, කුරුණගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘතීන් දියත් කිරීමට නියමිතය.
අනෙක් ඒවා වන්නේ රට පුරා ග්‍රිඩ් උපපොළවල් සහ විදුලි සම්ප්‍රේෂණ මාර්ග 12 ක් (ඒඩීබී ආධාර යටතේ), රුවන්පුර අධිවේගී මාර්ගය සහ පෝර්ට් සිටි සම්බන්ධ වන ඉහළින් යන අධිවේගී මාර්ග ව්‍යාපෘතියයි.










