එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා ලබන සිකුරාදා (04) දින පැවැත්වීමට නියමිත කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීන්දු කිරීමට නියමිතව තිබුණත් මේ වනවිට එම රැස්වීම කල් යාමට ඉඩ ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කරයි.
මේ වනවිට පක්ෂ නායකත්වයට පක්ෂ අභ්‍යන්තරයේ විශාල අර්බූදයක් මතුව තිබීම මේ සදහා හේතු වී ඇති බව පැවසේ.
දැනට කරු ජයසූරිය, වජිර අබේවර්ධන සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන් පක්ෂ නායක සටන සදහා ඉදිරිපත් වන බවට ප්‍රසිද්ධියේම අදහස් ප්‍රකාශ කොට ඇත.
මෙහිදී ඒකමතිකව නායකයකු තෝරා ගත නොහැකි වුවහොත් ඒ සදහා ජන්දයක් විමසීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සිදු වනු ඇති බවද දැනගන්නට තිබේ.










