සපුගස්කන්ද ප‍්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 23ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව කළ විමර්ශනවලදී හෙතෙම කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරී කරන නිලධාරියකුගේ සහෝදරයකු බව හදුනාගෙන ඇත.
මීගහවත්ත පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකොට තිබේ.
කෙසේවෙතත් අදාළ නිලධාරියා මෙම ජාවාරමට සම්බන්ධදැයි සොයාබැලීමට පොලිස් විමර්ශන කි‍්‍රයාත්මකය.










