ඇඹිලිපිටිය ප්‍රදේශයේදී රථවාහන පොලිසියේ නිලධාරීන් හා තරුණයකු අතර සිදුවන උණුසුම් වචන හුවමාරුවක් සිදුවන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවන්හි සැරිසරමින් තිබේ.
එහිදී එක් රථවාහන නිලධාරියකු නිල ඇදුම ඇද සෙරෙප්පු පැලදගෙන රාජකාරී කරන ආකාරය තරුණයාගේ දැඩි විවේචනයට හේතු වී තිබිණ.










