• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති කාර්යාලයේ පරිපාලන වෙනසක් සිදුව නෑ! ජනපති මාධ්‍ය ඒකකයෙන් විශේෂ නිවේදනයක්!

February 20, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
ජනාධිපති කාර්යාලයේ පරිපාලන වෙනසක් සිදුව නෑ! ජනපති මාධ්‍ය ඒකකයෙන් විශේෂ නිවේදනයක්!
Share on WhatsAppShare on Facebook

ජනාධිපති කාර්යාලයේ සේවා කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් ධුරයට ගාමිණී සෙනරත් මහතා පත්වීමත් සමග ව්‍යුහාත්මක වෙනස්කම් කිහිපයක් සිදුකෙ‌රෙමින් පවතින නමුත් නව ජනාධිපති ලේකම්වරයෙකු පත්වීමත් සමග මෙලෙස ගනු ලබන පරිපාලනමය වෙනස්කම් සඳහා පුද්ගල නාමයන් යොදා ගනිමින් වැරදි අර්ථකථනයන් දීමට ඇතැම් සමාජ මාධ්‍යයන් උත්සහ ගෙන ඇති බව දක්නට ලැබෙන බවත් ඒවා සාවද්‍ය බවත් සඳහන් කළ යුතු බවද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරයි

එහි දක්වා ඇත්තේ, ජනාධිපති අරමුදල, මහජන සම්බන්ධතා ඒකකය ඇතුළු ජනතාවට ඍජුව සේවා සැපයෙන ඒකකයන්හි තනතුරු සඳහා නව නිලධාරීහු පත්කර ඇති බවය.

කෙසේවෙතත් සති අග අරුණ පුවත්පත මෙම සිදුවීම වාර්තා කර තිබුණේ මෙසේය.

ජනාධිපති අරමුදලට එවූ ලිපි හත්දහසක් ගල් වේ

වෛද්‍ය අයැදුම් ඒ අතර

හිටපු ලේකම් පී.බී. බලලවත් නැහැ

වැඩ කඩිනම් කරන්න අලුත් ලේකම්ලා හතරක්

උදයජීව ඒකනායක

ක්ෂේත්‍ර හයක් සඳහා මහජනතාව, විවිධ සමාජ සේවා ආයතන ජනාධිපති අරමුදල වෙත පසුගිය වසර දෙක තුළ යොමු කළ ඉල්ලීම් ඇතුළත් ලිපි ගොනු හත්දහසක් කිසිදු අවධානයක් යොමු නොකර ගොඩ ගසා ඇති බව වාර්තා වෙයි. මෙම ලිපි ගොනු ජනාධිපති ලේකම්වරයාගේ නිර්දේශ මත අදාළ අංශ වෙත යෙමු කර සහන සැලසිය යුතු වුවත් හිටපු ලේකම් පී.බී. ජයසුන්දර කිසිදු අවධානයක් යොමු කර නොමැති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා සහන ලබා දීමේ යෝජනාවක් ඉදිරිපත් වී ඇතත් එයද ක්‍රියාත්මක නොවීම නිසා ජනතාව හා විවිධ සමාජ සේවා ආයතන දැඩි අසීරුතාවට පත්ව සිටියහ. ලොතරැයි අලෙවිය ඇතුළු විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ජනාධිපති අරමුදලට ආධාර හිමි වෙයි.

වෛද්‍ය ආධාර, අධ්‍යාපන හා ශිෂ්‍යත්ව, සුබ සාධන, ආගමික කටයුතු, ක්‍රීඩා හා කලාව, සංස්කෘතික යන ක්ෂේත්‍ර සඳහා වූ ඉල්ලීම්වලට ජනාධිපති අරමුදලෙන් ආධාර ලබා දෙයි.

මෙලෙස ලිපි ගොනු එකතු වීම සහ අවශ්‍ය සහන ලබා නොදීම නිසා ජනාධිපති අරමුදලේ හිටපු ලේකම්වරයා ඉවත් කර නව ලේකම්වරයකු පත් කිරීමට ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් පියවර ගෙන ඇත. දුමින්ද නානායක්කාර නම් නව ලේකම්වරයා මෙම ලිපි ගොනු පරීක්ෂා කර අවශ්‍ය පියවර ගැනීමට මේ වන විටත් කටයුතු කරමින් සිටියි.

මේ අතර ‍‍ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන තනතුරු හතරක සිටි විශ්‍රාමික හමුදා නිලධාරීන් ඉවත් කර පරිපාලන නිලධාරීන් පත් කර ඇත.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස සිටි විශ්‍රාමික ජෙනරාල් කේ.බී. එගොඩවෙල තනතුරෙන් ඉවත් කර ප්‍රවාහන අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබේ.

මෙම හමුදා නිලධාරියා ජනාධිපතිවරයා හමුවීමට පැමිණි රාජ්‍ය අමාත්‍යවරයකුට අවස්ථාව ලබා නොදීම ඇතුළු තවත් පරිපාලන දුර්වලතා කිහිපයක් නිසා ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

නීතිඥ චමින්ද කුලරත්න මහතා ජනාධිපති අතිරේක ලේකම් ධුරයට පත් කර තිබේ. මෙම තනතුරට පත්වීමට පෙර අගමැති අතිරේක ලේකම්වරයකු ලෙස කටයුතු කළ ඔහු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.

ජනාධිපති අරමුදලේ ලේකම්වරයාද ඉවත් කර ඒ වෙනුවට දුමින්ද නානායක්කාර මහතා පත් කර තිබේ. ජනාධිපති මහජන පැමිණිලි ඒකකයේ අතිරේක ලේකම්වරයාද ඉවත් කර ඇත. නව අතිරේක ලේකම්වරයා ලෙස පත් කර ඇත්තේ නිශාන්ත වීරසිංහ මහතාය.

SendShareShare
Previous Post

ප්‍රබල නිලධාරියකුට ඇමැති ගෙදර යන්න කියයි! ඉහළින් ආ නියෝගයකින් නවත්වයි!

Next Post

යුනිෆෝම් ඇඳගෙන රබර් සෙරෙප්පු දාලා මහපාරේ රාජකාරී කරන ලංකාවේ ට්‍රැෆික් පොලිසිය! (VIDEO)

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.