මේ වනවිට නීතිපති දෙපාර්තමේන්තුවේ විශ්වසනීයත්වය බිද වැටී ඇති බව හිටපු අමාත්‍ය නීතීඥ අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුව මගින් නඩු පැවරූ විශාල පිරීසක් පසුගිය කාලයේදී නිදොස් කොට නිදහස් කිරීමට අධිකරණය කටයුතු කිරීම හරහා බරපතළ අර්බූදයක් මතුව ඇති බව ඒ මහතා පෙන්වා දුන්නේය.
ඒ මහතා පෙන්වා දුන්නේ නීතිපති දෙපාර්තමේන්තුව තමන් රාජකාරී කරන ආකාරය පිළිබදව නැවත වරක් සිතා බැලිය යුතු බවකි.










