එළඹෙන මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා නොදීමට තීරණය වී ඇති බව දැනගන්නට තිබේ.
ඒ අනුව පසුගිය සතියේ සිරිසේන මහතාට මේ බව දැනුම් දී ඇති පොහොට්ටුවේ ප්‍රධානීන් පෙන්වා දී ඇත්තේ යම් හෙයකින් සිරිසේන මහතාට පොහොට්ටුවෙන් නාමයෝජනා ලබා දුනහොත් එය ප්‍රශ්න රාශියකට මුල් විය හැකි යැයි කියාය.
දැනටමත් පොහොට්ටුවේ විශාල පිරිසක් සිරිසේන මහතාට එළිපිටම විරෝධය පළ කිරීමට පටන් ගෙන ඇති බවත්, ඉදිරියේදී එම තත්ත්වය තවත් වර්ධනය විය හැකි බවත් පෙන්වා දී ඇති පොහොට්ටු ප්‍රධානීන් මේ පසුබිම යටතේ ජාතික ලයිස්තුවෙන් සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබා දිය හැකි බවද සදහන් කර තිබේ.
මෙම වටපිටාව යටතේ ශ්‍රී ලනිපය මේ වනවිට වෙනම තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ජා කරමින් සිටින බවද දැනගන්නට ඇත.










