හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කරනු ලැබූ උකුසු කතාවත් සමග පොහොට්ටුව ඇතුළේ සිරිසේන මහතාට එරෙහිව තිබූ විරෝධය විශාල ලෙස ඉහළ ගොස් ඇති බව දැනගන්නට තිබේ.
විශේෂයෙන්ම අගමැති මහින්ද රාජපක්ෂ මහතාවත්, බැසිල් රාජපක්ෂ මහතාවත් මුණගැසී ඇති පොහොට්ටුවේ මැති ඇමැතිවරන් විශාල පිරිසක් පෙන්වා දී ඇත්තේ සිරිසේන යනු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි කටුස්සකු බවත්, උකුසු කතාව ප්‍රසිද්ධියේ කීම හරහා සිරිසේන විසින්ම ඒ බව ඔප්පු කොට ඇති බවත්ය.
මේ නිසා කිසිසේත්ම සිරිසේන මහතා පොහොට්ටුව ඇතුළට වද්දා නොගත යුතු බවද මෙම මැති ඇමැතිවරුන් මහින්ද රාජපක්ෂ මහතාටත්, බැසිල් රාජපක්ෂ මහතාටත් පෙන්වා දී තිබේ.
එහිදී රාජපක්ෂවරුන්ද අවධාරණය කොට ඇත්තේ තමන්ද සිරිසේනගේ එම උකුසු කතාව දුටු බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්ය.
ඒ අනුව ඉදිරි දින කිහිපය තුළ පොහොට්ටුව පාර්ශ්වයෙන් සිරිසේනව ඉලක්ක කොට දැඩි ප්‍රහාර මාලාවක් එල්ල වීමට නියමිත බව දැනගන්නට තිබේ.
මේ අතර සිරිසේන මහතාගේ මේ උකුසු කතාවත් සමග ශ්‍රීලනිපයද දැඩි කලබලයට පත්ව සිටින බවක් දැනගන්නට ඇත.
මහමැතිවරණයක් කටමුල තියාගෙන සිරිසේන මහතා කළ මෙම ප්‍රකාශය නිසා ශ්‍රීලනිප අපේක්ෂකයන්ට ලැබීමට නියමිතව තිබූ පොහොට්ටු පාක්ෂිකයන්ගේ මනාප නොලැබී යාමත්, පොහොට්ටුවේ අපේක්ෂකයන් මෙම උකුසු කතාව අල්ලාගෙන සංවිධානාත්මකව ශ්‍රීලනිප අපේක්ෂකයන් මහමැතිවරණයෙන් පරාජය කිරීමට කටයුතු කිරීමත් ඊට හේතුව වී තිබේ.