හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතා පොලොන්නරු දිස්ත්රික්කය මුල්කරගෙන සිය දේශපාලන කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව පොලොන්නරුව ශ්රී ලනිප තරුණ බලමණ්ඩලයේ සභාපති ධූරය දහම් සිරිසේන මහතාට හිමිව තිබේ.
එමෙන්ම ශ්රි ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ සංවිධාන ප්රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ මින්නේරිය ආසනයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවීම ඊයේ(16) දින පැවැත්විය.
එම අවස්ථාවට දහම් සිරිසේන මහතාද එක්ව සිටියේය.
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2021/10/daham-1024x1024.jpg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2021/10/daham-1-1024x1024.jpg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2021/10/daham-2-1024x1024.jpg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2021/10/daham-3-1024x1024.jpg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2021/10/daham-4-1024x1024.jpg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2021/10/daham-5-1024x1024.jpg)
![](https://sinhala.mawratanews.lk/wp-content/uploads/2021/10/daham-6-1024x1024.jpg)