ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ පවතින ජාතික රූපවාහිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීම සදහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත.
ඊයේ (09) රාත්‍රියේ නිකුත් කළ මෙම ගැසට් නිවේදනය හරහා නැවත වතාවක් ජනාධිපතිවරයා හා ආණ්ඩුව අතර මතභේදාත්මක තත්ත්වයක් මතු කරන ලකුණු පහළ වී තිබේ.
මේ සදහා ආසන්නතම හේතුව වී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා විසින් ජාතික රූපවාහිනියේ සභාපති ධූරය සදහා කැළුම් පාලිත මහීරත්න මහතා පත්කිරීමය.
නමුත් වත්මන් සභාපතිනිය වන ඉනෝකා සත්‍යානන්ද මහත්මිය එම තනතුරින් ඉවත් නොවී ජනාධිපතිවරයාෙගේ සහාය ඇතිව එම තනතුරේ තවදුරටත් රැදී සිටීම මෙම ගැටුමට හේතු වී ඇත.