ඊළග ජනාධිපතිවරයාට විධායක බලතල නැති තත්ත්වයක් යටතේ වඩාත් බලවත් වන්නේ අගමැතිවරයා බවටත්, ඒ අනුව අගමැතිකම ශ්‍රීලනිපයට ලබා ගැනීමට කටයුතු කළ යුතු බවටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂ සම්මේලනයේදී කළ කතාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රතිචාර දැක්වීමට කටයුතු කොට තිබේ.
ADVERTISEMENT
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ නම නොකියමින් සදහන් කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් ධුරයේ සිටිමින් වැඩ කර පෙන්වූ බවත්, ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුත් බලතල සොයාගෙන හෝ වැඩ කර පෙන්වනු ඇති බවත්ය.