කබීර් හෂීම් මහතා යටතේ ඇති ඛනිජ තෙල් අමාත්‍යංශය වහාම ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට පවරන ලෙසට අගමැතිවරයා ලිඛිතව ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබියදී පසුගිය සතියේ ජනාධිපිවරයා මුණ ගැසී ඇති සජිත් ප්‍රේමදාස හා කබීර් හෂීම් යන මහත්වරුන් එවැන්නක් මේ මොහොතේ සිදු නොකරන ලෙසට ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
ඒ ආකාරයට හෂීම් මහතාගේ අමාත්‍යංශ ඉවත් කිරීමට කටයුතු කළහොත් මේ මොහොතේ රනිල්ට එරෙහිව පක්ෂය ඇතුළේ ගෙන යන සටනට එය විශාල බාධාවක් විය හැකි බව සජිත් සහ කබීර් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.
ඒ අනුව අගමැතිවරයා ලිඛිතව කළ දැනුම් දීම නොසලකා හැරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.
කෙසේවෙතත් පසුගිය අගහරුවාදා (03) කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මුණ ගැසී ඇති ජනාධිපතිවරයා මේ ආකාරයට සජිත්-කබීර් යන ඇමැතිවරුන් තමන් මුණ ගැසී ඛනිජ තෙල් අමාත්‍යංශය කබීර්ගෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලා සිටි බවත්, ඒ අනුව තමන් කිරිඇල්ල මහතාට එම අමාත්‍යංශය ලබා දීමේ ලිපියට අත්සන් නොතැබූ බවත් දැනුම් දී තිබේ.