• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රී එළවන වැඩේ පටන් ගනී! පක්ෂය පාවා දී ඇමැතිකම් ගත් අයට එරෙහිව පළමු නිවේදනය නිකුත් කරයි!

September 9, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අලුත් පක්ෂ ව්‍යවස්ථාවෙන් මෛත්‍රී මුලින්ම පක්ෂයෙන් පන්නන්න යන්නේ අයවැයට පක්ෂව ජන්දය දුන් මේ පස් දෙනාද?
Share on WhatsAppShare on Facebook

පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව පක්ෂයේ පිරිසක් ආණ්ඩුවට ගොස් තනතුරු ගෙන ඇති බව ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් ‌කරමින් පෙන්වා දී ඇත.

එම නිවේදනය මෙසේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අමාත්‍ය තනතුරු ලබාගැනීම!

අමාත්‍යධූර භාරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් එම අමාත්‍යධූර ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු අනුමැතියකින් තොරව බව ප්‍රකාශ කර සිටිමු. වර්තමානයේ පොදු මහජනයා විඳින කුසගින්න ඇතුළු දුක් පීඩාවලින් රටත් ජනතාවත් ගොඩගැනීම සඳහා සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනය වන්නේ නම් පමණක් ආණ්ඩුවේ තනතුරු භාරගෙන සහය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලදි. එම තීරණවලට පටහැනිව රජයේ අමාත්‍යධූර භාරගැනීම කිසිසේත් අප අනුමත නොකරමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් තමතමන්ගේ පෞද්ගලික ලාභාපේක්ෂා පෙරදැරිව අමාත්‍යධූර ලබාගැනීම පිළිබඳ අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සියලු පාර්ශව විසින් පිලිගෙන ඇති පරිදි, රටේ දේශපාලනික ස්ථාවරත්වය ඇතිකිරීමට හා අර්බුදය කළමනාකරණය කිරීමට, සර්ව පාක්ෂික අන්තර් කාලීන ආණ්ඩුවක් ස්ථාපනය කළ යුතුය යන්න පළමුවෙන් යෝජනා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ සදහා සිදු කරන සාකච්ඡා පැවැත්වෙමින් පවතින අතරතුර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හෝ පක්ෂ නායකත්වය සමග කිසිදු සාකච්ඡාවකින් තොරව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද වත්මන් ආණ්ඩුවේ තනතුරු දරමින් සහය දෙන බව පොදු මහජනතාවට ව්‍යාජව හගවමින්, අප පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය තනතුරු ලබාගැනීම ඉතා පිළිකුල් සහගතයි.

මෙතෙක් සාකච්ඡා කොට ඇති පරිදි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු එකගතාවකින් තොරව මන්ත්‍රීවරුන්හට අත්තනෝමතිකව තනතුරු පිරිනැමීමෙන් පෙනී යන්නේ අප යෝජනා කළ පරිදි සර්ව පාක්ෂික අන්තර් කාලීණ ආන්ඩුවක් ස්ථාපනයට ආණ්ඩුව තුළ සැබෑ වුවමනාවක් නොමැති බවයි. එනිසා යළිත් බිහිවන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ බලලෝභී සාම්ප්‍රදායික දූෂිත ආණ්ඩුවක් පමනි. එසේම එය, මේ රටේ මහ නාහිමිපාණන් වහන්සේලාගේ, අනෙකුත් ආගමික පූජකතුමන්ලාගේ, විද්වත් හා වෘත්තිකයන්ගේ, සිවිල් සමාජ ක්‍රීයාකාරින් ඇතුලු පොදු මහජනතාවගේ මතය නිර්දය ලෙස බැහැර කිරීමකි. අනිත් අතින්, රටේ උද්ගත ආර්ථික අර්බුදය සමනය කිරීම පිණිස සහය දීමට අපේක්ෂාවෙන් දේශපාලන ස්ථාවරත්වය ප්‍රාර්ථනා කරන ජාත්‍යන්තර ප්‍රජාවේ බලාපොරොත්තු නොසලකා හැරීමකි.

එබැවින්, මෙවැනි අභියෝගාත්මක හා ව්‍යාකූල දේශපාලන වාතාවරණයක් තුළ වුවද, ශ්‍රී ලංකාවේ වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා රාජ්‍යයේත්, ශ්‍රී ලාංකීය ජාතියේත් ආරක්ෂාව හා යහපත පිණිස වඩාත් වගකීමෙන් හා රටේ ජනතාව විඳින දුක් ගැහැට පිළිබදව සංවේදීව, වත්මන් දේශපාලන සංසිද්ධීන් පිළිබඳ මනා අවධානයකින් යුක්තව කටයුතු කරන බව ප්‍රකාශ කර සිටිමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙසේ පක්ෂයේ අනුමැතියකින් තොරව අත්තනෝමතික ලෙස අමාත්‍යධූර භාරගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාතෘභූමිය වෙනුවෙන් හා ජනතාවගේ උන්නතිය උදෙසා ගෙන යන අනාගත දේශපාලන වැඩපිළි‍වලේ ජයග්‍රහණ සඳහා කිසිසේත්ම බලනොපාන බවද තරයේ අවධාරණය කර සිටිමු.

මෛත්‍රීපාල සිරිසේන 2022 සැප්තැම්බර් මස 09වන දින
සභාපති – ශ්‍රී ලංකා නිදහස් පක්ෂය

SendShareShare
Previous Post

චානක ඊයේ වනජීවී එපා කිව්වා! අද විදුලිබල දීලා!

Next Post

ජනාධිපති ඇමැතිකම් දුන් තුන් දෙනෙක්ම බරපතළ චෝදනා තියෙන අය! ජාත්‍යන්තර සංවිධානයකින් බරපතළ චෝදනාවක්!

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.