ඉතිහාසයේ අන් කවර කලකටත් වඩා වේගයෙන් උච්ජාවචනය වෙමින් පවතින නූතන දේශපාලන රිද්මය පිළිබඳ තාර්කිකව සහ විද්‍යාත්මකව හැදෑරීම දේශපාලඥයාගේ මෙන්ම දියුණු දේශපාලන පක්ෂයක මූලික වගකීමක් බව ‘නිදහස ජනතා සභාවේ’ අවිවාදිත විශ්වාසයයි. ඒ අනුව, නිදහස ජනතා සභාව නියෝජනය කරනු ලබන අප සියලු දෙනා පුරා දින දෙකක් ඇහැලියගොඩ දී එකතුව, ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන තත්ත්වයන් හි වත්මන් හැසිරීම පිළිබඳව ගැඹුරු විශ්ලේෂණනාත්මක හැදෑරීමක් කරන ලදී.
ආණ්ඩුවේ බුන්වත් දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවට, කඩිනමින් ප්‍රබුද්ධ දේශපාලන න්‍යාය පත්‍රයක් සැකසීම පැහැර හැරිය නොහැකි වගකීමක් ලෙස මෙහිදී අවධාරණය කළ නිදහස ජනතා සභාව, නීතියේ ආධිපත්‍යය මෙන්ම ජනතා පරමාධිපත්‍යය උත්තම කොට සලකන සියලු දේශපාලන පක්ෂ සිය වෙනස්කම් වලට ගෞරව කරමින් ප්‍රජාතන්ත්‍රවාදී අරමුණු පෙරදැරිව සම්මුතිගත වීමේ අවශ්‍යතාවය තව දුරටත් පමා කළ නොහැකි වගකීමක් බව ද අවධාරණය කළේය.