යම් හෙයකින් පළාත් පාලන ආයතන ජයග්‍රහනයෙන් පසු මධ්‍යම ආණ්ඩුවෙන් හෝ පළාත් සභාවෙන් මුදල් ප්‍රතිපාදන නොලැබුණහොත් මේ වන විට ක්‍රියාත්මක සක්වල සහ හුස්ම වැඩසටහන් මෙන් විදෙස් රටවල ප්‍රතිපාදන මත කෙසේ හෝ ජනතාවට අවශ්‍ය පාලනයක් ගෙන යාම සඳහා වැඩසටහනක් මේ වන විටත් සකස් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) මහඔය දී පැවසීය.
ඊට අමතරව රටේ සිටින ධානපතියන් සම්බන්ධ කර ගෙන පළාත් පාලන ආයතන තුළ සංවර්ධන කටයුතු සඳහා අවැසි මුදල් සම්පාදනය කිරීමේ ක්‍රමයක් සකස් කර බවත් කැපකරු ක්‍රමය හරහා සිදුවන මෙම ක්‍රියාවලිය තුළින් මධ්‍යම රජයේ මුදල් නොමැති වුවත් පක්ෂ භේදයකින් තොරව පළාත් පාලන ආයතනයන් හි කටයුතු සුහුරු ලෙස සිදු කර ගෙන යාමේ හැකියාවක් පවතින බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් සඳහන් කර සිටියේය.
එසේ ම සමහර පක්ෂ නායකයන් සහ අපේක්ෂකයන් මෙන් තමන්ට කරන්න බැරි වැඩ කීම, ටොම් පච දේශපාලනය වැනි දේවල් සිදු නොකරන බවත් කයිවාරු ගහන බොරු බයිල ගහන 2019 රට ඇන්දෙව්වා වගේ 2023දීත් රට අන්දවන්න හදන ටොම්පච දේශපාලනඥයන්ට වඩා රටේ සංවර්ධනය මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කරන්න කැප වෙන බව ද හෙතෙම පැවසීය.
තවද කුමන පක්ෂ කයිවාරු ගැහුවත් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් පමණක් නව අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇති බවත් මීට පෙර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන් සිටියත් මෙවර මැතිවරණයේ සිට තරග වදින්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් බවත් ඔවුන්ට හිතු හිතු ආකාරයට පළාත් පාලන ආයතන තුළ හැසිරවීම පාලනය කරමින් පක්ෂය විසින් ආචාරධර්ම පද්ධති මාලාවකට ඔවුන් යටත් කර ඇති බවත් ඒ අනුව ඔවුන්ට කොන්ත්‍රාත් කිරීමේ සිට ඩීල් දේශපාලනය දක්වා සියලු දූෂණ අක්‍රමිකතා ආදිය අකැප බවත් යම් හෙයකින් සමගි ජන බලවේගය නියෝජනය කරන පළාත් පාලන මන්ත්‍රීවරයකු එකී ආචාරධර්ම මාලාව කඩකලහොත් පක්ෂය විසින් ඔහු හෝ ඇය නෙරපන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.