කොරෝනා රෝගය වැළඳීමෙන් සංකූලතා පැමිණීම හෝ අවසානයේ මරණයට පත්වීමේ හැකියාව ඉතාමත්ම වැඩිබව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.
ඒ අතරම පවතින තත්ත්වය හමුවේ කඩිනමින් නිවැරදි තීරණ නොගතහොත් ඉදිරි මාස දෙක ඇතුළත කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටී.
එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ කියා සිටියේ තම සංගමය ලබාදෙන උපදෙස් අනුගමනය කිරීමට, බලධාරීන් කල්ගත කරමින් සිටින බවයි.










