දේශීය කර්මාන්තකරුවකු වන මීගමුව රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් ආයතනය මගින් නිෂ්පාදනය කළ දැඩි සත්කාර ඒකක ඇඳන් රටට හදුන්වා දීම අද (03) කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදුකරනු ලැබීය.
එහිදී ඒ මහතා මෙසේද කියා සිටියේය.
‘කොරෝනා වසංගතයත් සමග සංවාදයක් මතු වූවා, ‘අපට දැඩි සත්කාර ඒකක ඇඳන් පන්සීයකට වඩා නැහැ’ කියා. එයට උත්තර සෙවීමට යාමේදී තමයි මට දේශීය කර්මාන්තකරුවකු වන රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් ආයතනයේ අධිපති සුනිල් ප්‍රනාන්දු මහතා සිහිපත් වූයේ. මම ඔහුගෙන් මේ පිළිබඳව ලිඛිතව ඉල්ලීමක් කළා. ඉල්ලීමට අනුවයි මෙම ආයතනය ඉතා කෙටි කලකින්, දේශීය අමුද්‍රව්‍ය පමණක් යොදාගෙන ඔස්ට්‍රේලියාවේ රෝහල්වල දැඩි සත්කාර ඒකක සඳහා යොදාගන්නා ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳකට සමාන ඇඳක් නිෂ්පාදනය කරනු ලැබුවේ. ඉදිරියේදී මෙම දැඩි සත්කාර ඒකක ඇඳ ස්වයංක්‍රියව ක්‍රියාත්මක කරන ආකාරයට වැඩිදියුණු කිරීමටත් මෙම ආයතනය පොරොන්දු වී තිබෙනවා’ යනුවෙනි.










