මඩකලපුව චෙන්කලාඩි ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක කිසියම් කණ්ඩායමක් විසින් නිධන් හෑරීමක් සිදුකොට ඇති බවට සැකයක් මතුව ඇති බව දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ශාන්‍යයන් රාසමාණික්කම් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
එම ස්ථානයේ පරීක්ෂාවකට ගිය මන්ත්‍රීවරයා කියා සිටියේ පසුගිය සතියේ නැගෙනහිර ආණ්ඩුකාරවරයා මෙම ප්‍රදේශයේ සංචාරය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත්, එහි සත්‍ය අසත්‍යතාව පිළිබද නොදන්නා බවත්ය.
කෙසේවෙතත් පුරවිද්‍යා විෂය භාර විදුර වික්‍රමනායක මහතා මෙම ප්‍රදේශය පිළිබද දන්නවාදැයි තමන් නොදන්නා බව තී මන්ත්‍රීවරයා විදුර වික්‍රමනායක මහතා වෙනත් තැන්වලට ගොස් නාඩගම් පෙන්වන බවත් කියා සිටියේය.









