ක්රිකට් ක්‍රීඩක උපුල් තරංග ‘කොවිඞ්’ ආසාදිතයකු යැයි තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පවසයි.
මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී හෙට (4) පැවැත්වීමට නියමිත ශ්‍රේෂ්ඨයන්ගේ ක‍්‍රිකට් පිල සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල අතර ක‍්‍රිකට් තරගයට සහභාගිවීමට නියමිතව සිටි ශ්‍රේෂ්ඨයන්ගේ පිලේ සාමාජිකයෙක් ලෙසද තරංග කටයුතු කළේය.
ඒ අනුව විශේෂ තරගය පවත්වනවාද නැද්ද යන්න පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව ද ප‍්‍රධාන විධායක නිලධාරියා කියයි.
ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨයන්ගේ පිලේ නායක සනත් ජයසූරිය ඇතුළු කණ්ඩායම පසුගිය දිනවල පුහුණු සැසි කීපයකට සහභාගි විය.









