මෙවර ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති අයවැය ලේඛනය රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම හෝ ණය ස්ථායීථාව හෝ අපනයන සංවර්ධනය පිළිබදව වැඩි අවධානයක් යොමු නොකළ එකක් බව ජාත්‍යන්තර මූල්‍ය උපදේශන ආයතනයක් වන ‘මූඩිස්’ ආයතනය පෙන්වා දී ඇත.
ඔවුන් පෙන්වා දී ඇත්තේ මෙවර අයවැය මගින් රාජ්‍ය වියදම් ඉහළ යනු ඇති බවත් ඒ හරහා රටේ ණය තත්ත්වයට අහිතකර බලපෑමක් එල්ල කරනු ඇති බවත්ය.
එමෙන්ම 28%ක රාජ්‍ය ආදායම් වර්ධනයක් බලාපොරොත්තු වූවද එය සැකසහිත බවද ඔවුන් පෙන්වා දී ඇත.










