මහනුවර දිස්ති‍්‍රක් සම්බන්ධීකරණ කමිටුවේ තීරණයක් මත කඩුගන්නාව නගරයේ පවතින අධික වාහන තදබදය අවම කිරිමේ අරමුණින් හා මාර්ගය පුඑල් කිරිමේ අරමුණින් නගරයේ තිබූ හෝරා ස්ථම්භ කණුව පසුගියදා කඩා ඉවත් කොට ඇත.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදි කරුණු විමසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ති‍්‍රක් පා.ම. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එලෙස කඩා ඉවත් කරන ලද හෝරා ස්ථම්භ කණුව වෙනත් ස්ථානයක ඉදිකරනවාද යන්න අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් විමසා සිටියේය.
එහිදි චමල් රාජපක්ෂ අමාත්‍යවරයා එම හෝරා ස්ථම්භ කණූව වෙනත් සුදුසු ස්ථානයක යළි ඉදිකිරිමට සිය එකගතාවය පළ කළ අතර විපක්ෂයේ වුවද ආණ්ඩුවේ වුවද මහජන ගැටලු වෙනුවෙන් ඉදිරිපත් කරන යෝජනා අනුව කටයුතු කිරිමට තමන් සුදානම් බව කිරිඇල්ල මන්ති‍්‍රවරයාට පිළිතුරු දෙමින් සදහන් කළේය.










