නුවරඑළිය නගර සභාවේ මන්ත්‍රීවරු 4 දෙනෙක් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජනබලවේගයට සම්බන්ධ වී ඉදිරි දේශපාලන කටයුතු කරන බවට සහතික වී ඇත.
ඒ අනුව නුවරඑළිය නගර සභාවේ ගාමිණී දිසානායක, ශිවන්ත පළිහවඩන, විශ්වර්ධන් සහ නවරත්නම් යන මන්ත්‍රීවරු සමගි ජන බලවේගය සමග එක්වූහ.
මේ සියලු දෙනා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු වෙති.











