කොරෝනා වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සදහන් කර සිටියේය.
හම්බන්තොට පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සදහන් කළේය.
ඒ සදහා විශේෂ භූමි ප්‍රදේශයක් වෙන කරන බවද ඒ මහතා එහිදී සදහන් කර සිටියේය.










