කොවිඩ් -19 රෝගය වැලදී මිය යන අයගේ සිරුරු භූමදාන නොකළ යුතු බවටත්, ඒවා ආදාහනය කිරීම පමණක් සිදු කළ යුතු බවටත් තීන්දු කරනු ලැබුවේ ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති සෞඛ්‍ය බලධාරීන් පිරිසක් විසින් බව පැවසූ අමාත්‍ය විමල් වීරවංශ මහතා එම තීන්දුව කිසිසේත්ම වෙනස් කිරීමට කැබිනට් මණ්ඩලය තුළ තීන්දුවක් නොගත් බව අවධාරණය කළේය.
අවාසනාවට අධිකරණ අමාත්‍යවරයා තම සමාජ මාධ්‍ය ගිණුම තුළ එවැනි තීන්දුවක් ගත් බවට හැඟවෙන සටහනක් තබා තිබූ බැවින් රට තුළ මේ පිළිබඳ අනවශ්‍ය ආන්දෝලනයක් ඇති වූ බව ද වීරවංශ මහතා මෙහිදී පැවසීය.
කඩුවෙලදී මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව කීය.










