අද (12) දිනයේ දී මුල්ලේරියාව මුලික රෝහලෙන් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වීමත් සමත කොරෝනා මරණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඉන් එක් අයෙක් කොළඹ 12 පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙක් වන අතර මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ නිධන්ගත පෙනහලු රෝගයක් සමග කොවිඩ් -19 ආසාදනය වීමය.
අනෙක් පුද්ගලයා මීගොඩ පදිංචිව සිටි 45 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහුගේ මරණයට හේතුව වශයෙන් දක්වා ඇත්තේ කොවිඩ් -19 නියුමෝනියාව සමග ද්වීතික බැක්ටීරියා ආසාදනයකි.










