පෙබරවාරි මස 4 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති හැත්තෑ පස් වන නිදහස උත්සවය සඳහා රුපියල් කෝටි 37 ක මුදලක් ඇස්තමේන්තු කර තිබේ.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් මෙම වියදම ඇස්තමේන්තු කර ඇති අතර මහා භාණ්ඩාගාරය විසින් දැනුම් දී ඇත්තේ වහා මෙම වියදම හැකිතරම් අඩු කරන ලෙසයි.
පවතින ආර්ථික තත්ත්වය මත මෙතරම් විශාල වියදමක් ආර්ථිකයට දරාගත නොහැකි බවද මහා භාණ්ඩාගාරය දැනුම් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද දැනුම් දී ඇත්තේ නිදහස් උත්සව වියදම හැකිතාක් අඩු කරන ලෙසයි.