ලෝ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හදිසියේම රෝහල්ගත කොට ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ චෙන්නායිහි පිහිටි ඇපලෝ රෝහලට මුරලිදරන් ඇතුළත් කොට ඇති බවත්, හෘදය සම්බන්ධ ගැටලුවක් මුල්කොටගෙන එසේ කොට ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.
එමෙන්ම මුරලිට සැත්කමක් සිදු කිරීමට නියමිත බවද එම මාධ්‍ය වාර්තා මගින් අනාවරණය කොට ඇත.










