• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුදල් ලේකම්ට එරෙහිව පැවරූ සජබ පෙස්සම විභාගයට ගනී! නීතීඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කියපු කතාව මෙන්න!

February 28, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
වීඩියෝ බල බලා සාමකාමී මිනිස්සු අත්අඩංගුවට ගන්නවා! 9 වැනිදා ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගත්ත අය තවමත් නිදැල්ලේ!
Share on WhatsAppShare on Facebook

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම වෙත මුදල් ප්‍රතිපාදන මුදා නොහැරීම තුළින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇතැයි තීන්දු කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඉදිරිපත් කළ පෙත්සම විනිසුරු එස්. තුරෙයිරාජා සාමාජිකත්වය නොදරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සලකා බලන ලෙස පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය කළ ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (පෙබරවාරි 27 වැනිදා) විරෝධය පළ කර සිටියේය.

අදාළ පෙත්සම එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ හා සමාන තවත් පෙත්සමක් මැයි මස 11 වනදා කැඳවීමට අධිකරණය දින නියම කර ඇති බවත් මෙම පෙත්සම ද එදිනම සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් ඉල්ලා සිටියේය.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම කරුණ සම්බන්ධයෙන් විනිසුරු තුරෙයි රාජා දැනටමත් සිය මතය ප්‍රකාශ කර තිබෙන හෙයින් මෙම පෙත්සම වෙනත් විනිසුරු මඩුල්ලක් වෙත යොමු කරන ලෙස ඉල්ලීමක් කළේය.

ඊට ප්‍රතිචාර දැක්වූ විනිසුරු තුරෙයි රාජා මෙම නඩු සම්බන්ධයෙන් තමා කිසිදු මතයක් ප්‍රකාශ කර නොමැති බව සඳහන් කළේය.

” ඔබගේ ප්‍රකාශය වැරදියි. මේ නඩු සම්බන්ධයෙන් මම කිසිදු මතයක් ප්‍රකාශ කර නැහැ. එදා නඩුව මැයි මස 11 වැනිදා දක්වා කල් ගියේ අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු අනුවයි. මුදල් නැති නිසා මැතිවරණය පවත්වන්න හැකියාවක් නැහැ කියලා එදා මැතිවරණ කොමිසම කිව්වා. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියා ප්‍රමාණවත් මුදල් ප්‍රතිපාදන දීම අපහසු බව. ඉතිං අධිකරණය හමුවේ ගොනුකර තිබෙන කරුණු අධ්‍යයනය කර තීරණයක් ගැනීම සඳහායි එදා පෙත්සම මැයි 11 දක්වා කල් තැබුවේ. ඔබගේ ප්‍රකාශය අසාධාරණයි. කිසිම නඩුවක් කෙරෙහි මං විශේෂත්වයක් දක්වන්නේ නැහැ.” යනුවෙන් විනිසුරු තුරෙයිරාජා විවෘත අධිකරණයේදී පැවසීය.

පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් විරෝධය පළකර සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ විනිසුරුවරු සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රකාශ නිකුත් කිරීම යුක්ති සහගත නොවන බව කියා සිටියේය.

පෙත්සමට අදාළව සීමිත විරෝධතා ඉදිරිපත් කිරීමට තමා අපේක්ෂා කරන බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට යළි නොතීසි..

කෙසේ වෙතත් මෙහි වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටීම හේතුවෙන් පෙත්සම සලකා බැලීම මාර්තු මස 03 වනදා දක්වා කල් තැබීමට තීරණය කළ විනිසුරු මඩුල්ල එදිනට කරුණු දක්වන ලෙස දන්වා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු වගඋත්තරකරුවන්ට යළි නොතිසි නිකුත් කරන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළේය.

රට තුළ දැඩි ආර්ථීක අර්බුදයක් නිර්මාණය වී තිබෙන බැවින් පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුද හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර විසින් ඉදිරිපත් කළ පෙත්සම ද ඉකුත් 23 වනදා සලකා බැලීම සඳහා කැඳවනු ලැබූවේ විනිසුරු එස්.තුරෙයි රාජාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේය.

” ඕනෑම ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව අධිකරණය පිළිගන්නවා. නමුත් මුදල් කියන විෂය තිබෙන්නේ අධිකරණය යටතේ නෙවෙයි. ඒ නිසා එම විෂය සම්බන්ධයෙන් නියෝග නිකුත් කිරීමට අධිකරණයට තිබෙන බලය බොහෝම සීමිතයි.” එම නිසා මෙම ඉල්ලීම කිරීම යෝග්‍ය බවත් විනිසුරු තුරේ රාජා එදින නඩු විභාගය අතරතුර විවෘත අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණා.

එදින පෙත්සම් විභාගයේ දී පැෆරල් සංවිධානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විජිත් සිං අධිකරණය හමුවේ කරුණු දක්වමින් මහජනතාවගේ මුදල් එකතු කොට මෙම මැතිවරණය පැවැත්වීමට හැකියාව තිබෙන බව කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද විනිසුරු තුරෙයිරාජා දැඩි දෝෂාරෝපණ එල්ල කර සිටියේය.

” මේ අවස්ථාවේ මහජනතාව දැඩි අසීරුතාවයකට පත්වයි සිටින්නේ. ඔවුන් බදු ගෙවනවා.මහජනතාවගෙන් මුදල් එකතුකොට මැතිවරණ පැවැත්වීම සුදුසු නැහැ.”යනුවෙන්ද විනිසුරු තුරෙයිරාජා විවෘත අධිකරණයේ එදින ප්‍රකාශ කර තිබුණා.

BBC සංදේශය

SendShareShare
Previous Post

විපක්ෂය ඡන්දෙ ඉල්ලා කතානායක එක්ක කතා කරද්දී අනුර මැතිවරණ කොමිසමට යයි! VIDEO

Next Post

ඇමැතිවරුන්ගේ උපදේශකයන්ගේ පඩි නවත්වයි! ඇමැතිවරුට සුපිරි වාහන තහනම්! සියලු සුපිරි වාහන වෙන්දේසි කරයි! ගුවන් ගමන් තුන්වන පන්තියේ විතරයි! නවතින්න තරු පහේ හෝටල් බෑ! සාකච්ඡා සියල්ල දුරකතනයෙන්! කාර්ය මණ්ඩලවලට විදෙස් සංචාර තහනම්! තේ වෙලාවට බිස්කට් එකක් විතරයි! රටට අමාරු වෙලාවේ පාකිස්තාන අගමැති ලෝකෙටම ආදර්ශයක් දෙයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.