රාජ්‍ය විශ්වවිද්‍යාලවලට අනුබද්ධව මුදල් අයකර උපාධි ලබාදීමේ ආයතන පිහිටුවන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ඉසෙඩ් ලකුණු පදනම් කර ගනිමින් විශ්ව විද්‍යාලවලට නොමිලේ ඇතුළත් කර ගන්නා පිරිසට පරිභාහිරව මෙම පිරිස් ඇතුළත් කර ගන්නා බවයි.
ADVERTISEMENT
උසස් අධ්‍යාපනය සඳහා විදේශීය විශ්වවිද්‍යාලවලට යන පිරිස අඩු කර ගැනීමට මේ තුළින් අවකාශ සැලසෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.
ඔහු ප්‍රකාශ කළේ දැනට උසස් ඩිප්ලෝමා හදාරන පිරිසට විශ්වවිද්‍යාල උපාධි ලබා දීමටද මේ යටතේ පියවර ගන්නා බවයි.
මේ වන විට වාර්ෂිකව විශාල පිරිසක් විදේශීය විශ්වවිද්‍යාල සඳහා යොමුවන බව ද ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළේ ය.