ෂැම්පූ සහ ජෙල් සැෂේ පැකට් තහනම් කරන බවට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගත් තීන්දුව නවත්වා ගැනීම සදහා අමාත්‍යවරයාට රුපියල් මිලියන 25ක කප්පම් මුදලක් ලබා දීමට පිරිසක් සූදානම් වී ඇති බව මාධ්‍ය කිහිපයක් අනාවරණය කොට ඇත.
එක්තරා සමාගමක් විසින් මෙම අල්ලස් මුදල යෝජනා කොට ඇති බව සතිඅන්ත පුවත්පත් දෙකක් වාර්තා කොට තිබේ.
කෙසේවෙතත් අදාළ පුවත පළවී මේ වනවිට දින කිහිපයක් ගතවී ඇතත් අමාත්‍ය අමරවීර මහතා ඒ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට හෝ වෙනත් කිසිදු ආයතනයකට පැමිණිලි නොකිරීම සම්බන්ධයෙන් ක්ෂේත්‍රයේ බරපතළ කතාබහක් මතුව තිබේ.
සාමාන්‍යයෙන් ලංකාවේ නීතිය අනුව අල්ලසක් ගැනීම හෝ අල්ලසක් දීම බරපතළ වරදකි.
නමුත් අමාත්‍යවරයාට මිලියන 25ක අල්ලස් මුදලක් ලබා දෙන බවට යෝජනා වී තිබියදීත් අමරවීර මහතා ඒ පිළිබදව කිසිදු ආයතනයකට පැමිණිල්ලක් ඉදිරිපත් කොට නොතිබීම විශේෂ සිදුවීමකි.