• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු මැරුණේ විරෝධතාවලට ගහපු කල් පැනපු කඳුළු ගෑස් නිසාද? ගහපු රසායනික අවියක් නිසාද? වෛද්‍යවරුයි-කථිකාචාර්යවරුයි-පොලිස් මාධ්‍ය ප්‍රකාශකයි කියන කතා! VIDEO

March 11, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
ඇඳිරි නීතිය නොතකා රට වටේ විරෝධතා! පේරාදෙණි සිසුන්ට කඳුලු ගෑස් ගහයි!
Share on WhatsAppShare on Facebook

රජය විසින් විරෝධතා විසුරුවා හැරීම සඳහා කල් ඉකුත්වූ කදුළු ගෑස් භාවිතා කරන බවට පාර්ශ්ව රැසක් චෝදනා කරනවා.

එම චෝදනාව සත්‍යයක්ද ? කල් ඉකුත්වූ කදුළු ගෑස් භාවිතා කිරීමෙන් සිදුවන හානිය මොකක්ද ?

මේ ඒ පිළිබඳව සොයා බැලීමක් ..

පසුගිය කාලය පුරා සිදුවූ විරෝධතා අතරතුර එල්ල කළ කඳුළු ගෑස් යල්පැනගිය ඒවා බවට මේ වනවිට දැවැන්ත සංවාදයක් නිර්මාණය වී ඇත්තේ, මේ කඳුලුගැස් භාවිත කළ අවස්ථා කිහිපයකදීම විශාල පිරිසක් බරපතල ලෙස රෝගීවීමත් කිහිප දෙනෙකුට ජීවිත අහිමි වීමත් සමගය.

සමාජීය හා සාමයික කේන්ද්‍රය සිදුකළ අධ්‍යයනයකින් හෙළිකරගෙන ඇත්තේ අදාළ කඳුළු ගෑස් කල් ඉකුත්වූ ඒවා බවයි.

කල් පැනපු කඳුළු ගෑස් භාවිතය කියන්නේ ඇත්තටම නීති විරෝධී ක්‍රියාවක් -ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචිර විජේසේන

මොනවද මේ  කඳුළු ගෑස් කියන්නේ?

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචිර විජේසේන මහතා – 

”ප්‍රධාන කඳුළු ගෑස් වර්ග දෙකක් තියෙනවා. අපි කියනවා සී. එන්. ගෑස් සහා සී .එස් .ගෑස්. සී එස් .ගෑස් කියලා කියන්නේ  ක්ලෝරෝ බෙන්සයිල් මෙලනෝ නයිට්‍ර්යිල් කියන රසායනික ද්‍රව්‍ය මේක තමයි බහුල වශයෙන්ම භාවිතා වෙන්නේ. ඊට වඩා ටිකක් අඩුවෙන් භාවිතා වෙන රසායනික ද්‍රව්‍යයක් තියෙනවා මේ  කියන්නෙ ක්ලෝරෝ ඇසිටෝ පීනෝන් කියලා. 
 මේකට සීන් gas කියලා කියන්නේ මේ ආකාරයෙන් තමයි භාවිතා වෙන්නේ…”

කදුළු ගෑස් භාවිතය හේතුවෙන් ජිවිත හානියක් ඇතිවෙන්න පුලුවන්ද?

කඳුළු ගෑස්  භාවිතය නිසා ජීවිත හානි පමණක් නොව දීර්ඝකාලීන රෝගාබාධ පවා ඇති වියහැකි බව විද්වතුන්ගේ අදහසයි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචිර විජේසේන මහතා – 

”මේ සියුම් අංශූන් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට මිනිසුන්ට හානි කරන්න පුළුවන්.   ආකාරය තමයි ඇස් වල තියෙන සියුම් පටකවලට ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේම සුස්ම ගන්නා මාර්ගයේ  වටේ තියන බිත්තිවල පටක සමග බැඳෙන්න පුළුවන්. බැඳුණම මේ රසායනික ස්වභාවය තමයි මේක ඉතාම වේගයෙන් ස්නායුක සංවේදනයකට අධි සංවේදනයකට ලක්වෙනවා. ඉතාම වේදනාකාරී ආකාරයකට මේ නියුරෝන් වල තැති ගැස්මක් ඇති කරනවා. මිනිස්සු මැරෙන්න පුළුවන් CS ගෑස් එක ආග්‍රහණය කරලා..”

කල් ඉකුත්වූ  කඳුළු ගෑස් භාවිතයේදී අනතුරුදායක බව වැඩිවෙන්නේ ඇයි?

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රුචිර විජේසේන මහතා – 

”මේ කඳුළු ගෑස් කල් පැනපු කඳුළු ගෑස් භාවිතය කියන්නේ ඇත්තටම නීති විරෝධී ක්‍රියාවක්. අපිට කවදාවත් බලාපොරොත්තු වෙන්න බැහැ කල් ඉකුත් වෙලා නම් තියෙන්නෙ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයක්. එතකොට මේ වේගයෙන් මේ CS gas වල මුදාහැරීම අඩු ප්‍රමාණයකින් මුදාහැරීම පිපිරී යෑම මෙවැනි කාරණා සිද්ධ වෙන්න පුළුවන් .ඉතින් මේ ආකාරයෙන් ගත්තොත් කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කරනවා නම් එහෙම නැත්නම් භාවිතා කරන්න අණ ලබා දෙනවා නම් ඒක ඉතාම වැරදි කාරණාවක් බව අපිට තේරුම් ගන්න පුළුවන්..”

දින ඉකුත් වු කඳුළු ගැස් භාවිතා කිරීමක් සිදු වන්නේ නැහැ -පොලිස් මාධ්‍ය ප්‍රකාශක

පොලීසිය විසින් කල් ඉකුත් වූ කදුළු ගෑස් භාවිතා කරනවාද? පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊට දැක්වූ ප්‍රතිචාරයයි මේ..

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා –

”යම් යම් චෝදනා එල්ල වෙනවා පරණ කඳුළු ගැස් පාවිච්චි කරනවා කියලා.  ශ්‍රී ලංකා පොලීසිය වශයෙන් අප සාමාන්‍යනයෙන් යම් කිසි ඔනැම නිෂ්පාදනයක දින ඉකුත් වුනාම ඒවගේ ක්‍රියාකාරිත්වය නියමිතව සිදු වන්නේ නැහැ. කඳුළු ගෑස් කියන එක ඒවායෙත් දින ඉකුත් වුනාට පස්සේ ඒවායේ ක්‍රියාකාරීත්වය නැහැ. ඉතින් එවැනි ක්‍රියාකාරීත්වය නැති උපකරණයක් පාවිච්චි කිරිම තුළ පොලීසිය අපේක්ෂා කරන මහජනතාවගෙ විරෝධතා පාලනයට අවශ්‍ය කරන ගෑස් එමගින් නිකුත් වෙන්නේ නැති බව තමයි ඒ පිළිබඳව කටයුතු කරන නිලධාරින් දැනුම්දීලා තියෙන්නේ. ඒ නිසා විරෝධතාවයක් පාලනය කරන්න කල් ඉකුත් වු දින ඉකුත් වු කඳුළු ගැස් භාවිතා කිරීමක් සිදු වන්නේ නැහැ…”

CS ගෑස් අඩංගු කඳුළු ගෑස් රසායනික අවියක් -වෛද්‍ය ජයන්ත බණ්ඩාර

කල් ඉකුත් වුවත්, නොවූවත් CS ගෑස් අඩංගු කඳුළු ගෑස් රසායනික අවියක් බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරනවා.

සමස්ත ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ  ප්‍රධාන ලේකම් ,වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා  – 

”මේ කඳුළු ගැස් විදියට පාවිච්චි කරපු රසායන ද්‍රව්‍ය සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡාවක් තියනවා. ඒකේදි අපි පාවිච්චි කරපු එක සි. එස්. ගෑස් කියලා හදුන්වන ගෑස් වර්ගයක් විදියට හඳුන්වනවා. ඒක මම කිව්වා වගේ ජාත්‍යන්තර රසායනික අවි සම්මුතිය අනුව ඒක තහනම් සංයෝගයක්  තහනම් රසායනික අවියක් විදියට හඳුන්වනවා. එතකොට ඒකේ නම ඩයික්ලෝරෝ බෙන්සැල් මෙලනෝ මයිට්ට්‍රේට් කියන රසායනික ද්‍රව්‍ය ඒක  ජාත්‍යන්තර රසායනික අවි සම්මුතියෙන් තහනම් අවියක් විදියට පාවිච්චි කරලා තියනවා. ඒක තමයි පහුගිය කාලයේ පාවිච්චි වුණේ, ඒ නිසා තමයි මරණ කීපයක් සිද්ධ වුණේ, කියන එක සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනාවක් තියනවා. ඒක සාමාන්‍යයෙන් සී. එස් .ගෑස් කියලා හඳුන්වන්නේ ඒක සාමාන්‍ය කඳුළු ගෑස් වර්ගයක් නෙමෙයි. ඒක රසායනික අවියක්. ඒක නිසා ආණ්ඩුව මේ විදියට මිනිස්සු ඝාතනය කරන ආකාරයෙන් රසායනික අවි භාවිතා කරනවා නම් ඒ සම්බන්ධයෙන් අපි වෛද්‍යවරු විදියට බලාගෙන ඉන්න බැහැ…”

SendShareShare
Previous Post

රට යන්න ගිය මහින්දානන්දට කටුනායකදී අලි ජරමරයක්! ආගමන විගමනයෙන් යන්න නොදී හරවා යවයි! වහාම පරීක්ෂණයක් පටන් ගනී! දෙදෙනෙකුගේ වැඩත් තහනම් කරයි!

Next Post

වරප්‍රසාද ප්‍රශ්නය අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක්! දොලවත්තට සහ සේමසිංහට එරෙහිව නීතීඥ සංගමයත් පෙරට එයි!

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.