• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සුන්ට සහන දෙන්න සල්ලි නෑ! ගොවියන්ට වන්දි දෙන්න සල්ලි නෑ! වතු ජනතාවට භූමිතෙල් දෙන්න සල්ලි නෑ! ළමයින්ට අධ්‍යාපනය දෙන්න සල්ලි නෑ! හැබැයි ඇමැතිවරු 69ක් නඩත්තු කරන්න සල්ලි තියෙනවා! ඔන්න ආණ්ඩුවේ වැඩ! (VIDEO & PHOTOS)

September 13, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
මිනිස්සුන්ට සහන දෙන්න සල්ලි නෑ! ගොවියන්ට වන්දි දෙන්න සල්ලි නෑ! වතු ජනතාවට භූමිතෙල් දෙන්න සල්ලි නෑ! ළමයින්ට අධ්‍යාපනය දෙන්න සල්ලි නෑ! හැබැයි ඇමැතිවරු 69ක් නඩත්තු කරන්න සල්ලි තියෙනවා! ඔන්න ආණ්ඩුවේ වැඩ! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

රටේ මිනිසුන් තුළ රාජපක්ෂ ප්‍රමුඛ පොහොට්ටුවට එරෙහිව කැළඹිල්ලක් ඇති වන විට පොහොට්ටුව විසින් දේශපාලන ඩීල් එකක් ක්‍රියාත්මක කළ බවත් රට විනාශ කළ මුදල් ඇමති, අගමැති සහ ජනපති ඉවත් වූ පසු තමන්ට අවැසි ලෙස හැසිරවිය හැකි දොරටු පාලකයෙක් රටේ පාලකයා ලෙස පත් කර ගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මුදල් ඇමතිවරයා, අගමැතිවරයා, ජනාධිපතිවරයා පසුගිය කාලයේ ජනතාවට බයේ හැංගී සිටියත් මේ වන විට බය නැතිව ජනතාව ඉදිරියට පැමිණ ඇති බවත් 2019 ජනාධිපතිවරණයේ මෙන්ම 2020 මහමැතිවරණයේ දී සිදු කළ රැවටිල්ල නැවතත් ක්‍රියාත්මක කරමින් ඇමතිකම් ලබා ගෙන ඇති බවත් (11) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

මිනිසුන්ට සහන දෙන්න, ධීවරයන්ට, ගොවියන්ට වන්දි ගෙවන්න, රැකියා අහිමි වූවන්ට ජීවනෝපායක් ලබා දෙන්න, රාජ්‍ය සේවකයන්ට හයියක් වෙන්න මුදල් නොමැති වුවත් රාජ්‍ය ඇමතිවරු 37ක් නඩත්තු කරන්න මෙන්ම කැබිනට් ඇමතිවරු 20ක් නඩත්තු කරන්නත් තවත් කැබිනට් ඇමතිවරු 12ක් පත් කරන්නත් සූදානමක් පවතින බවත් 69ක් ඇමතිවරු පත්කර වරදාන වරප්‍රසාද ලබා දීමට මුදල් පවතින බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ වතුකරයේ සිට ධීවරයන් දක්වා සමස්ත ජනතාවට භූමිතෙල් සහනාධාරය ලබා දීමට මුදල් නොමැති බව ද පැවසීය.

පොදු ජනතාවගේ ඇස් ඉදිරියේ ම මහා දේශපාලන ජවනිකාවක් රඟපාන බවත් එය ඉතා විහිළුවක් බවත් රට හදනවා කියා රටට සූරයෝ වීරයෝ අවශ්‍යයැයි කියා ජාති භේද ආගම් භේද අවුස්සා පසුගිය වසර දෙකහමාරක කාලය රට විනාශ කළ බවත් ඒ ව්‍යාජනත්වය වටා විශාල ජන රැල්ලක් ඒකරාශි වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ එසේ ජනතාව විසින් 69 ලක්ෂයක් වරමක් ලබා දුන් ජනාධිපතිවරයා එම ජනතාව විසින් ම ගෙදර යැවූ බව යි. අවසානයේ ඔහුට ජනාධිපතිකම මෙන් ම රටේ ඉන්නට බැරි තත්ත්වයක් ඇති වූ බවත් ඔහු විසින් ජනතාවගේ සහ රටේ ජීවිත විනාශ කළ බවත් එවැනි යුගයක් මෑත ඉතිහාසයේ බිහි නොවූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට පුරාම මිනිසුන් පීඩනයෙන්, අසහනයෙන් සිහින බව යි.

මාස ගණනාවක් පුරා රට පුරා මාර්ගගත අධ්‍යාපනය හරියට සිදු නොවූ බවත් ඒ නිසා ළමයින්ගේ විභාග කටයුතු පවා ඇණහිටි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ 2022 උසස් පෙළ විභාගය පවත්වන්නේ හරියට විෂය නිර්දේශය ආවරණය නොකරමින් බව ද පැවසීය. මෙවැනි ගැටලු රාශියක් පැවතියත් ඇමතිවරු පත් කරන්න සහ වරදාන ලබා දීමට මුදල් ඇති බවත් පැවසීය.

එසේ ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අරගල කළ තරුණයන් සහ ජනතාව යටපත් කරමින් පවතින බවත් ඔවුන් මේ සියලු කටයුතු සිදු කරන්නේ රාජපක්ෂලාට අවශ්‍ය ලෙස බවත් ඔවුන්ට හිතවත් අයට පමණක් ඇමතිකම් ලබා දෙමින් පොහොට්ටුවේ 134ක් එකතු වී පත් කළ ජනාධිපතිවරයාව තමන්ට අවැසි ලෙස පාලනය කරන බවත් පැවසීය.

සමගි ජනබලවේගයේ හලාවත ආසන බලමණ්ඩල රැස්වීම අද(11)පැවැත්විණි. එය සංවිධානය කළේ සමගි ජන බලවේගයේ හලාවත ප්‍රධාන සංවිධායක ශාන්ත අබේසේකර මහතා විසිනි. එම අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.

එබැවින් මේ ව්‍යාජ රංගනයට නොරැවටිය යුතු බවත් ලක්ෂ සංඛ්‍යාත ජනතාව අරගල කළේ මෙවැනි ව්‍යාජයකට නොවන බවත් තමන් ඇතුළු විපක්ෂය කිසිදු අවස්ථාවක මෙවැනි හොරුන් සමඟ එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මේ රාජ්‍ය භීෂණයට, මැරකමට, ත්‍රස්තවාදයට නොසැලිය යුතු බවත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න සමගි ජන බලවේගය සූදානම් බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ නුදුරේදීම ජන පීඩනයෙන් තොර සියලු ක්ෂේත්‍රවල සංවර්ධන විප්ලවයක් ඇති කරවන යුගය උදාවන බවත් පැවසීය.

SendShareShare
Previous Post

ලංකාව ගැන දැන්වත් දැඩි තීන්දුවක් ගන්න! ජාත්‍යන්තර සංවිධාන 4කින් ජිනීවා මානව හිමිකම් කොමිසමට ලිපියක්!

Next Post

ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…

MORE NEWS

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

Load More
චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි මහතා සම්බන්ධයෙන් ඉදිරි නීති ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නඩු තීන්දුවෙන් පසුව පැවසීය.Sri Lanka Latest...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.