ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටින්නැයි ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හතරක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ශක්තිමත් යෝජනාවක් සම්මත කළ යුතු බවට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හතරක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලිපියක් යවමින් කියා සිටිනවා.
මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්, ෆෝරම් ඒෂියා, හියුමන් රයිට්ස් වොච් සහ ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම යන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන හතරයි.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා කිරීම අවසන් කිරීම ඇතුළුව දැනට සිදුවෙමින් පවතින අපයෝජනයන්ට විසඳුම් ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිය යුතු බවටයි.
බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස් වීමෙන් අනතුරුව මුහුණ දෙන බරපතලම ආර්ථික, දේශපාලනික සහ මානව හිමිකම් අර්බුදයකට ලක්ව සිටින ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, දැවැන්ත විරෝධතා හේතුවෙන් 2022 ජූලි මාසයේදී ඉල්ලා අස්වූ අතරල ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ රනිල් වික්‍රමසිංහ, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සාමකාමීව රැස්වීම්වල නිදහස යටපත් කිරීම සඳහා පීඩනකාරී ක්‍රියාමාර්ග භාවිත කරන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
hirunews.










