• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…

September 13, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ඒ ලෙවල් ප්‍රථිපලය අස්සෙ හැංඟුන නොදන්න කතන්දර…
Share on WhatsAppShare on Facebook

වැඩියෙන්ම ෆේල් විෂය – වැඩිම ඒ තියෙන විෂය – වැඩියෙන්ම ලියපු විෂය – අඩුවෙන්ම ලියපු විෂය – එක ඒ එකක් තියෙන විෂය – අසමත් අය නැති විෂය

ඒ ලෙවල් ප්‍රතිඵල ආවා. ඒ ලෙවල් ප්‍රතිඵල ආවත් එක්කම සමහරුන්ගෙ හීන හැබෑ වුණා. සමහරුන්ගෙ හීන බොඳවෙලා ගියා. සමහරු විශ්වවිiාලෙ යන්න සුදුසුකම් ලබන බවට ඒ ප්‍රතිඵලවලින් ඉඟි කරලා තිබුණා. තවත් සමහර අයට ජීවිතේ එපාකරවන විදියේ ප්‍රතිඵලයක් බවට පත්කරලා තිබුණා. මේ පාර උසස් පෙළ ප්‍රතිඵලය. ඒක හැමදාම එහෙම තමයි. විභාගෙට පෙනී සිටින සියලු දරුවන්ට විභාගයෙන් සාර්ථක සහ සුන්දර ප්‍රතිඵල උදාවෙන්නේ නෑ. ඒත්, අපි මේ සතියේ ලියන්න යන්නේ ඒ ගැන නෙවෙයි. පසුගිය සති කිහිපයෙදිම අපි ඒ ලෙවල් ප්‍රතිඵල ගැන විවිධාකාරයේ ලිපි ලිව්වා. මේ සතියෙ අපි ලියන්න යන්නේ උසස් පෙළ ප්‍රතිඵලයත් එක්ක අවසාන වශයෙන් ලැබුණු ප්‍රතිඵල විග්‍රහ කිරීම ඇතුළේ මොනවද මේ ප්‍රතිඵලවල තියෙන අමුතු අමුතු කතන්දර කියලා. මේ වතාවෙත් වෙනදා වගේම වැඩිම ශිෂ්‍යයන් සංඛ්‍යාවක් විභාගයට පෙනී සිටිය විෂය වුණේ ජෙනරල් ඉංග්ලිෂ්, එහෙම නැත්නම් සාමාන්‍ය ඉංග්‍රීසි කියන පොදු ප්‍රශ්න පත්‍රය. මේක සිසුන් 2,48,262ක් විභාගයට පෙනී සිටි, 17,257 දෙනෙක් උසස් පෙළ සඳහා ‘ඒ’ සාමාර්ථ ලබාගත් විෂයක් බවට පත්වුණා.

ජෙනරල් ඉංග්ලිෂ් විෂය මේ වසරේදීත් 73,419 දෙනෙක් සම්පූර්ණයෙන්ම අසමත් වෙලා තිබුණා. ‘සී’ සාමාර්ථ 1,10,659ක් ලබාගනිමින් මේ විෂය සිසුන් 70.43%ක් ‘ඒ’, ‘බී’, ‘සී’ හෝ ‘එස්’ ලබාගත් සිසුන් බවට පත් වුණා. ඒ කියන්නේ ඉංග්‍රීසි විෂය සමත් වෙලා තිබුණා 70.43%ක්. ඒ අනුව මෙවරත් සුපුරුදු පරිදිම වැඩිම සිසුන් ප්‍රමාණයක් පෙනී සිටි විෂය බවට පත්වුණේ ජෙනරල් ඉංග්ලිෂ් විෂය. ඒකට හේතුව තමයි හැම විෂය කාණ්ඩයකම සිසුන්ට මේ විෂය සඳහා පෙනී සිටිය යුතු වීම.

විෂය කාණ්ඩවලට වෙන් කරලා ගත්තට පස්සේ මේ කාණ්ඩ වෙන් කිරීමේ විෂයන් අතරින් වැඩිම සිසුන් ප්‍රමාණයක් විභාගයට පෙනී සිටි විෂය බවට පත්වුණේ මේ වතාවේ රසායන විiාව විෂය. සිසුන් 76,851 දෙනෙක් රසායන විiා විෂයට පෙනී සිටියා. ඉන් 5,896 දෙනකුට ‘ඒ’ සාමාර්ථ ලබාගැනීමට හැකි වෙලා තිබුණා. එය ප්‍රතිශතයක් විදියට ගත්තම 7.67%ක්. මේ ප්‍රතිඵලයත් එක්ක දෙවැනි තැනට පත්වෙන්නේ භෞතික විiාව විෂය. 76,742 දෙනෙක් ඒ විෂය සඳහා පෙනී සිටීමත් එක්ක.

මේ විදියට සිසුන් වැඩියෙන්ම පෙනී සිටි විෂයන් සම්බන්ධව නිල වශයෙන් ගණනය කරද්දී තවත් ඉදිරියෙන් තියෙන විෂයක් තමයි ආර්ථික විiා විෂය. ආර්ථික විiා විෂයට සිසුන් 60,248 දෙනෙක් පෙනී ඉඳලා තිබුණා. කලා විෂය ධාරාව යටතේ වැඩිම සිසුන් සංඛ්‍යාවක් පෙනී සිටි විෂය විදියට සුපුරුදු පරිදි මෙවරත් සිංහල විෂය පත්වෙලා තියෙනවා. සිංහල විෂය සඳහා සිසුන් 61,687 දෙනෙක් පෙනී සිටි බව තමයි මේ ප්‍රතිඵල ගණනය කිරීමේ ඇතුළේ දැනගන්න දැකගන්න ලැබුණේ.

මේ විදියට බලනකොට තවත් වැදගත් කාරණා කිහිපයක් තියෙනවා මේ ප්‍රතිඵල විශ්ලේෂණයත් එක්ක අපට දැකබලා ගන්න ලැබෙන. අපි බලමු මේ වතාවේ මොන විෂයටද වැඩිම ‘ඒ’ සාමාර්ථ ප්‍රමාණයක් සිසුන් ලබාගෙන තියෙන්නේ කියලා. ප්‍රතිශතයක් විදියට ගත්තට පස්සේ ‘ඒ’ සාමාර්ථ වැඩිම ප්‍රමාණයක් ලබාගත් විෂය බවට පත්වෙලා තියෙන්නේ බටහිර සංගීතය කියන විෂයට. බටහිර සංගීතය විෂයෙන් විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 36.84%ක් ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තියෙනවා. සංඛ්‍යාත්මකව ගත්තාම වැඩිම ‘ඒ’ සාමාර්ථ ප්‍රමාණයක් ලබාගත් විෂය විදියට සඳහන් වෙලා තියෙන්නේ සිසුන් 17,257ක් ‘ඒ’ සාමාර්ථ ලබාගත්තු ජෙනරල් ඉංග්ලිෂ් විෂය. ඒකට හේතුව සිසුන් විශාල ප්‍රමාණයක් මේ සඳහා පෙනී සිටීම. ඇත්තටම ජෙනරල් ඉංග්ලිෂ් කියන විෂය ඉවත් කරලා ගත්තොත් මේ වතාවේ සිසුන් 8,000ක් ‘ඒ’ සාමාර්ථ ලබාගත් විෂයන් තුනක් අපට හඳුනාගන්න ලැබෙනවා. ඉන් එක් විෂයක් තමයි සිසුන් 8,747ක් පෙනී හිටපු සිංහල විෂය. ඒ අනුව මෙවරත් වැඩිම ‘ඒ’ සාමාර්ථ ලබාගත්තු විෂය බවට පත්වෙන්නේ සිංහල විෂය.

මේ විදියට අපි ප්‍රතිඵල සම්බන්ධව නිශ්චිත ගණනයක් කරද්දී මුළු ලංකාවෙන්ම එක ශිෂ්‍යයෙක් විතරක් ‘ඒ’ සාමාර්ථයක් ගත්ත විෂයක් ගැනත් කියැවෙනවා. ඒ, රුසියානු භාෂාව කියන විෂය. කවුරු හරි කෙනෙක් රුසියානු භාෂාව විෂයට ‘ඒ’ සාමාර්ථයක් අරගෙන තිබෙනවා නම් ඔහු ඉතා දක්ෂයෙක් බව තේරුම්ගත යුතුයි. ඒ වගේම උසස් ගණිතය කියන විෂයටත් ලංකාවෙන්ම එක සිසුවෙක් ‘ඒ’ සාමාර්ථයක් ගනිද්දී, එකම ‘ඒ’ සාමාර්ථයක්වත් ගන්න බැරිවුණු විෂයන් 04ක් අපට හඳුනාගන්න ලැබෙනවා. ඉන් එක් විෂයක් තමයි සිවිල් ටෙක්නොලොජික් විෂය. ඒ වගේම මැතමැටිකල් ටෙක්නොලොජි, ඉලෙක්ටි්‍රක් ඇන්ඩ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි, බයෝ රිසෝස් ටෙක්නොලොජි කියන විෂයන් හතරටම එකම ‘ඒ’ සාමාර්ථයක්වත් ලබාගන්නට කිසිවකු සමත් වෙලා නැහැ. ඒ වගේම එක ශිෂ්‍යයෙක්වත් අසමත් නොවුණු විෂයක් විදියට අපට තවත් විෂයක් දකින්න ලැබෙනවා. ඒ තමයි අපි කලින් සඳහන් කරපු උසස් ගණිතය කියන විෂය. ඒ විෂය සඳහා සිසුන් 08 දෙනෙක් පෙනී ඉඳලා තියෙනවා. ලංකාවෙ අඩුම සිසුන් සංඛ්‍යාවක් පෙනී සිටි විෂයන් ගණනය කළොත් ඒ අතරින් එකම ශිෂ්‍යයෙක්වත් පෙනී නොසිටිය විෂයක් විදියට මැලේ කියන විෂය පෙන්වා දෙන්න පුළුවන්. මැලේ විෂයට අමතරව අඩුම සිසුන් ප්‍රමාණයක් පෙනී සිටි විෂය බවට පත්වෙන්නේ උසස් ගණිතය කියන විෂය.

ලංකාවෙ වැඩියෙන්ම සිසුන් අසමත් වූ විෂයන් වෙන වෙනම බැලුවොත් ඒකත් ඉතාම විශේෂයි. එය සිසුන් 49.08%ක ප්‍රතිශතයක් අසමත් වුණු විද්‍යාව හා තාක්ෂණවේදය කියන විෂය. මේ විදියට වැඩිම සිසුන් ගණනක අසමත් වීමේ ප්‍රතිශත තියෙන්නෙ තාක්ෂණවේදය විෂයන්වල. ඉංජිනියරින් ටෙක්නොලොජි, බයෝ සිස්ටම් ටෙක්නොලොජි කියන විෂයයන් පිළිවෙළින් 40% සහ 39% වශයෙන් අසමත් වෙලා තියෙනවා. මේ විදියට ගත්තම බොහෝ විෂයයන් ගැන ඔබ දන්නෙ නෑ කියන එකත් පේන්න තියෙන ඉතාම පැහැදිලි කාරණාවක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මිනිස්සුන්ට සහන දෙන්න සල්ලි නෑ! ගොවියන්ට වන්දි දෙන්න සල්ලි නෑ! වතු ජනතාවට භූමිතෙල් දෙන්න සල්ලි නෑ! ළමයින්ට අධ්‍යාපනය දෙන්න සල්ලි නෑ! හැබැයි ඇමැතිවරු 69ක් නඩත්තු කරන්න සල්ලි තියෙනවා! ඔන්න ආණ්ඩුවේ වැඩ! (VIDEO & PHOTOS)

Next Post

ලංකාවේ ලෙජන්ඩ්ස්ලා එංගලන්ත ‌ලෙජන්ඩ්ස්ලාට දුවන්න ගහයි! ගැහුවෙ 78යි! සනත් ලකුණු 3ට කඩුලු 4යි!

MORE NEWS

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News
Exclusive

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

විජේදාසගේ පුත් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට! හරක් කටාගෙන් සල්ලි අරන්? ! Sri Lanka Latest News
Exclusive

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලස් ගත්තා කියපු විජයදාසගේ පුතායි චරිත් අබේසිංහයි එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

Load More
හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය එල්ලකිරීමේ චෝදනාවලට වරදකරු වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාට...

Read more
ශිරන්තිගේ මල්ලි නිශාන්ත වික්‍රමසිංහ අත්අඩංගුවට! චෝදනාව ශ්‍රී ලන්කන් හිටපු සභාපති විදිහට ඉන්න කාලේ ගුවන් යානා මිලදී ගැනීමක්!  I Sri Lanka Latest News

මහින්දගේ මස්සිනා නඩුවට පෙනී ඉන්න මහේස්ත්‍රාත් අධිකරණයට ආවා! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

විමල්ගේ සහෝදරයාත් අද එළියට ආවා! I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගෙදර යන්න කලින් චීන තානාපති විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ට සමුදෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

චමින්දගේ නඩුවේ තීන්දුව දෙන්න ඔන්න මෙන්න කියා තියෙද්දී සජිත් මන්ත්‍රීවරු පිරිවරාගෙන බදුල්ල උසාවියට එයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.